වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක 8 වන මහලෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

0
124

වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 8 වන මහලෙන් ඊයේ (සැප. 11) දහවල් කාලයේදී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 61ක් වන ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ ම පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (සැප්. 12) සිදු කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.