සල්ලි කන ඇමැති වරප්‍රසාද අපරාධයක්

0
201

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු  වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක  පවසයි.

ඉංග්‍රීසීන් හැදූ පෞරාණික නිවාස ඇමැතිවරුන්ට දීම නවත්වා ඒවා සංචාරක නිකේතන බවට පත්කර සංචාරකයන් ගෙන්වා ගැනීම රටට වැදගත්  බවද ජවිපෙ නායකයා කියයි.

රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක් බවද ඔහු පවසයි.

“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙන්නේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 25කට නොවැඩි වීම හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ඒ හා සමානව දීමත් පමණයි. රාජ්‍ය අමාත්‍ය ධුර වැනි එල්ලන ඒවා නොකළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සකස් කරන අවස්ථාවේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් සිටිය යුතු බවට අපේ යෝජනා භාර දුන්නා.

ඇමැතිවරයාට සහාය වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක්. මෙතනදී කරන්නේ ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන ඇමැතිවරුන් 30කට වඩා පත්නොකළ යුතු බවට තිබෙන වගන්තියෙන් රිංගා යෑමට යොදන උපක්‍රමයක්. ඒ වගේම ඉතාම විද්‍යාත්මක පදනමකින් විෂයයන් බෙදා ඒ ඒ විෂයයන් වෙනුවෙන් නිපුණතාවන්, හැකියාව සහ දැනුම තිබෙන ඇමැතිවරුන් පත්කළ යුතුයි. විශේෂයෙන් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද ඉවත් කළ යුතුයි.

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඉවත්කරන්න ඕනෑ. ඇමැතිවරුන් බොහොමයකට ලබාදී තිබෙන ඉංග්‍රීසීන් හැදූ පෞරාණික නිවාස අපි නම් සංචාරක නිකේතන බවට පත් කරනවා. ලෝකයේ සිටින ධනවත් සංචාරකයන් වෙනුවෙන් වෙන් කරනවා. ඇමැතිවරුන්ට අඩු වියදම් වාහනයක් ලබා දෙනවා. විශාල වශයෙන් ඉන්ධන වියදම් වන වාහන ඉවත් කළ යුතුයි. භාණ්ඩාගාරයේ පතුලට සිඳී තිබෙන රටක් ගොඩගන්න පුළුවන් ඒ ආකාරයෙන්. මහ බැංකු අධිපති නන්දලාල් කියා තිබෙන්නේ විදෙස් සංචිත බින්දුවටම හිඳී ඇති බව යැයි හෙතෙම  වැඩිදුරටත්  කීය.

අනුරාධා හේරත්