වරප්‍රසාද නැතිව රාජ්‍ය ඇමැති ධුර ලබාගත් අයට උපහාර පිදිය යුතුයි

0
13

වරප්‍රසාද නොමැතිව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් පිරිසට උපහාර දැක්විය යුතු යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ පැවසීය.

රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ඉදිරි කාලයේදීද තවත් කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෝදර පක්ෂයක් ලෙස තමා ඔවුන්ට සුබ පතන බවද සුගත් හේවාපතිරණ මහතා පැවසීය.

අමාත්‍ය ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවලාද නඟන වීරවංශ, ගම්මන්පිල ප්‍රමුඛ කණ්ඩායම එසේ අවලාද නඟන්නේ ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර අහිමි වීම නිසා බවද ඔවුන්ට ඇමැති ධුර අහිමි වූයේ එක් එක් පුද්ගලයන්ගේ අවලස්සන බැලීමට යෑමෙන් බවද හේවාපතිරණ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පැවසීය.  

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය