රැජනගේ අවමඟුලට ජනපතිත් යයි

0
11

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගිවීමට නියමිතව ඇත. ලන්ඩනයේ, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ලබන 19 වැනිදා පැවැත්වෙන මහ රැජනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඊයේ (11දා) පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබූ ජනාධිපතිවරයා දෙවැනි එළිසබෙත් මහ රැජින දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක්කර ඇත.

එළිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතු සිදුකෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

සඳුනි ගමාරච්චි