රාජ්‍ය ඇමැති ධුර පත් කිරීම  මුට්ටිය දැමීමක් 

0
7

රාජ්‍ය අමාත්‍ය ධුර පත් කළේ රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමේ පෙර සූදානමක් ලෙස යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

තම දේශපාලන සන්ධානයට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කර ගැනීමේ කිසිම සූදානමක් නැතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.  නමුත් එම පක්ෂයේ සිටින යම්

සුජාත භාවයක් ඇති පිරිස් තම පක්ෂය සමඟ එක් වන්නට කැමැති නම් ඊට අවස්ථාව ලබාදෙන බව මන්ත්‍රිවරයා කීය.

එළැඹෙන සියලු මැතිවරණ සඳහා තම සන්ධානය ඉදිරිපත් වී තරග කරන බවද වීරවංශ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීය.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ  මහතා මෙම අදහස් පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය