බුද්ධ ශාසනය රැකීමට කැපවීමෙන් කටයුතු කරනවා

0
26

සම්බුද්ධ ශාසනය සුරැකීමට රජය පෙරටත් වඩා කැපවීමෙන් කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඉකුත්දා (07දා) හොරණ පැවැති ආගමික උත්සවයකදී පැවැසීය.

හොරණ කුඹුක පුරාණ ශ්‍රී මහා විහාරයේ ඉදි කළ අවුකන අනුරුව සහිත අටළොස් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම හා ප්‍රවේශ මාර්ගය විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේගේ සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරුණි.