පොහොට්ටුවට ජී.එල්.ගෙන් අභියෝගයක්

0
17

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

හැකි නම් තමා ඇතුළු පිරිස පොදුජන පෙරමුණෙන් ඉවත් කර පෙන්වන ලෙස ජී.එල්. පීරිස් මහතා අභියෝගයක් කළේය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ සහ එම පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ආ ඇත්ත සාමාජිකයන් තමාත්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම බවත් එම නිසා එම පිරිස් පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිවකුට නොහැකි බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් කීය.

ජනතාව ජීවන බරින් මිරිකී සිටිද්දී රාජ්‍ය අමාත්‍යවරු පත් කර ආණ්ඩුව යන්නට හදන්නේ කුමන ගමනක් දැයි පීරිස් මහතා ප්‍රශ්න කළේය. මෙවැනි දුෂ්කර වකවානුවක එසේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත ක්‍රියාවක් බවද ජී.එල්. පීරිස් මහාචාර්යවරයා කීය. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජී.එල්. පීරිස් මහතා මෙම අදහස් පැවැසීය.  

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය