පැහැපත් වෙන්න සුන්දර වෙන්න මේ දේවල් කරලම බලන්න

0
50

දිනපතා උදෑසනම පානය කරන කිරිපිටිවලින් රුව ලස්සන කරන රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකරගත හැකි බව ඔබ දන්නවද? අද අපි කතා කිරීමට යන්නේ කිරිපිටි ඉතාම සුළු ප්‍රමාණයක් භාවිතයෙන් ඔබව ලස්සන කරන එවැනි විශේෂ රූපලාවණ්‍ය සත්කාරයක් සහ ඇපල් මදය, අවර්ණ දන්තාලේප, ‍ෙදාඩම් යුෂ ආදී වූ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙසේදීම කරගත හැකි රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයක් පිළිබඳවයි. මෙම සත්කාරවල ඇති විශේෂත්වය වන්නේ ඉන්දියානු ලලනාවන්ගේ රූ රහස් ඇසුරින් මෙම ලිපිය පිළියෙල කර තිබීමයි.

එසේනම් ලස්සන වෙන්න කැමැති ඔබට මෙම රූපලාවණ්‍ය සත්කාරයන් තුළින් වටිනා අදහස් රැසක් ලබාගත හැකි වේ යැයි අප විශ්වාස කරනවා.

Foot pack

අවශ්‍ය දෙවල්

-කෝමාරිකා ජෙල් තේ

  හැඳි 4යි

-පොල්තෙල් තේ හැඳි 1යි

-ලෙමන් යුෂ බින්දු කිහිපයක්

-සුදු පැහැති දන්තාලේප

  ස්වල්පයක් (තේ හැන්දක්)

-ශරීරයට භාවිත කළ හැකි

     උසස් තත්ත්වයේ බ්ලීචිං

     පවුඩර් ඉතාම ස්වල්ප

     ප්‍රමාණයක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල පිරිසුදු කුඩා භාජනයකට දමා හොඳින් මිශ්‍රකොට පේස්ට් එකක් සාදා ගන්න.

භාවිත කරන ආකාරය

ක්ලෙන්සර් කොට සම පිරිසුදු කරගන්න. ඉන්පසුව පාද සඳහා සුදුසු ස්ක්‍රබ්  එකක් භාවිත කොට සම හොඳින් ස්ක්‍රබ් කරගන්න. සම මත භාවිත කොට පැය භාගයක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

Lip Scrub

අවශ්‍ය ද්‍රව්‍ය

-ලුණු කුඩු ස්වල්පයක්

-Vegetable Glycerin

      ස්වල්පයක්

-රෝස වතුර තේ හැඳි

  භාගයක්

සාදා ගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කොට තරමක් දියාරු දියරයක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

නින්දට යෑමට පෙර දිනපතා දෙතොල් මත ආලේප කොට ඇඟිලි තුඩු ආධාරයෙන් විනාඩි 5ක් පමණ සියුම්ව ස්ක්‍රබ් කොට සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය දිනපතාම සිදුකළ යුතුයි. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. මෙමඟින් දෙතොල්වල ඇති අඳුරු බව, වියළි බව ඉතා ඉක්මනින්ම මඟහරවා ගත හැකියි.

Body Scrub

අවශ්‍ය ද්‍රව්‍ය

-කඩල පිටි කෝප්පයක්

-යෝගට් තේ හැඳි 3ක් (තම

     සිරුරට අවශ්‍ය වන පරිදි

     අඩු වැඩි වශයෙන් එකතු

     කරගන්න.)

-ලෙමන් යුෂ තේ හැඳි

     භාගයක්

 -නැවුම් කිරි තේ හැඳි 2ක්

-සුදු හඳුන් කුඩු තේ හැඳි 2ක්

-කහ කුඩු තේ හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කොට පැක් එකක් ආකාරයට සාදාගන්න.

භාවිත කරන ආකාරය

මුළු සිරුරේම අඳුරු පැහැති ස්ථානවල ආලේප කරන්න. දෑත් දෙපා, පිට ප්‍රදේශය, උදරය ප්‍රදේශය, ගෙල ප්‍රදේශය, අත් යට ආදී ස්ථානවලත් වැලමිට, දණහිස ආදී ප්‍රදේශවලත් විශේෂයෙන් ආලේප කළ හැකියි.

ඉන්පසු විනාඩි 15ක් පමණ වියළෙන්නට තබන්න. ඉන් අනතුරුව ඇඟිලි තුඩු ආධාරයෙන් සම සියුම්ව ස්ක්‍රබ් කළ යුතුයි. මෙසේ ස්ක්‍රබ් කිරීමේදී ජලය ස්වල්පයක් මඟින් තෙත් කොට ස්ක්‍රබ් කිරීම ආරම්භ කිරීම සුදුසුයි. ඉන් අනතුරුව මද උණුසුම් ජලය මඟින් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරයද සතියට එක්වරක් හෝ දෙවරක් භාවිත කිරීම සුදුසුයි.

සම රැලි වැටීම පාලනය කරන බිත්තර සුදු මද සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මදයක්

ගේ‍ර්ට් කරගත් පොත්ත සමඟ ඇපල් ගෙඩියකින් භාගයක්, නැවුම් කිරි තේ හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

පළමුව Face wash එකකින් මුහුණ පිරිසුදු කරගන්න. ඉන්පසුව සුදුසු ක්ලෙන්සර් එකක් භාවිත කරන්න. සම මත ආලේප කොට පැය භාගයක් තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දින 3ක් පමණ භාවිත කරන්න.

සම ඉක්මනින් පැහැපත් කරන කිරිපිටි සත්කාරය

අවශ්‍ය දේවල්

-කිරිපිටි තේ හැඳි 4ක්

                ද‍ෙදාඩම් යුෂ තේ හැඳි

     2ක්

-මී පැණි තේ හැඳි

     භාගයක් පමණ

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කොට පේස්ට් එකක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

Face wash එකකින් සම පිරිසුදු කරන්න. ඉන්පසුව ක්ලෙන්සර් කොට ස්ක්‍රබ් කරගන්න. ඉන්පසුව සම මත ආලේප කොට පැය භාගයක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියට දින කිහිපයක් භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි.

දිනූෂා මනෝරි නිශ්ශංක

අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය

ජ්ධධබ නචජඬ

අවශ්‍ය දෙවල්

-කෝමාරිකා ජෙල් තේ

  හැඳි 4යි

-පොල්තෙල් තේ හැඳි 1යි

-ලෙමන් යුෂ බින්දු කිහිපයක්

-සුදු පැහැති දන්තාලේප

  ස්වල්පයක් (තේ හැන්දක්)

-දශරීරයට භාවිත කළ හැකි

     උසස් තත්ත්වයේ බ්ලීචිං

     පවුඩර් ඉතාම ස්වල්ප

     ප්‍රමාණයක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල පිරිසුදු කුඩා භාජනයකට දමා හොඳින් මිශ්‍රකොට පේස්ට් එකක් සාදා ගන්න.

භාවිත කරන ආකාරය

ක්ලෙන්සර් කොට සම පිරිසුදු කරගන්න. ඉන්පසුව පාද සඳහා සුදුසු ස්ක්‍රබ්  එකක් භාවිත කොට සම හොඳින් ස්ක්‍රබ් කරගන්න. සම මත භාවිත කොට පැය භාගයක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

ඹ්ඪන ඉජපභඡ

අවශ්‍ය ද්‍රව්‍ය

-ලුණු කුඩු ස්වල්පයක්

-ඍඥඨඥබචඡතඥ ට්තරජඥපඪද