පානදුර රාජකීය අවසන් තරගයට

0
7

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට පානදුර රාජකීය විද්‍යාලය පසුගියදා සමත්විය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විද්‍යාලය විසින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 213කින් පැරදවීය.

ලබන 17 දින පැවැත්වෙන අවසන් තරගයේදී පානදුර රාජකීය විද්‍යාලය ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සමඟින් මෙවර ශූරතාව දිනා ගැනීමට තරග වදිනු ඇත.

පානදුර රාජකීය- 307 (කවීෂ පෙරේරා 65, ෂෙහඳු රන්මිර 60, සඳෙව් විජේරත්න 46, තිනාල් සොයිසා 45, රුසිත් ජයවර්ධන 32, කුෂාන් දේවක 21, තේජාන් ඉඳුවර 49/5, අභිලාෂ් සසිධර්ම 41/2)    නුගේගොඩ ලයිසියම් – 94 (තෙවිඳු ජයසුන්දර 40, කවීෂ පෙරේරා 18/2)

ඉෂාන් රශ්මිත