පළමු ශතකය සදීෂ්ගෙන්

0
9

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නායක ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක සදීෂ් ජයවර්ධන සමත්විය.

දකුණත් ආරම්භක පිතිකරු සදීෂ් ජයවර්ධන කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පන්දු 118කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 107ක් රැස් කළේය. තවත් තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව පන්දු 91කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 137ක් රැස් කළේය.

මෙම තරගයකදී කැළණිය ගුරුකුල විද්‍යාලය හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරාජයට පත්වීම කැපී පෙනිනි. මෙම තරගවලදී කොළඹ ශාන්ත ජෝශප්, ගාල්ල රිච්මන්ඩ්, කැළණිය ගුරුකුල, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොටහේන ශාන්ත බෙනඩික්ට්, කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද යන කණ්ඩායම් ජය වාර්තා කළහ.    

කොළඹ ශාන්ත ජෝශප්-කොළඹ මහනාම

මහානාම- 153 (දුල්නිත් සිගේරා 57, මුදිත දිසානායක 16/3), ශාන්ත ජෝශප් – 154 /5 (සදීෂ් ජයවර්ධන නොදැවී 107, ඉනුක කරන්නාගොඩ 22/2)

ශාන්ත ජෝශප් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කැළණිය ගුරුකුල_ගල්කිස්ස ශාන්ත තෝමස්

ශාන්ත තෝමස් – 142 (රොමේෂ් මෙන්ඩිස් 46, හිරුණ නිම්සර 15/3. ජනිත ෂෙහාන් 21/3), ගුරුකුල – 146/5 (දෙනුර දෙමන්සිත් 44, චාරුක පීරිස් 17/2)

ගුරුකුල විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මහනුවර ධර්මරාජ-කොළඹ සහිරා

ධර්මරාජ-  267 (පුළිඳු පෙරේරා 137, ඉසුරු පන්නල 47, මොහොමඩ් සල්මාන් 70/4), සහිරා – 169 (රයීඩ් රොෂාන් 53, මොහොමඩ් උමර් 45, නිසල අබේරත්න 23/2)

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 98ක ජයක්. 

කොටහේන ශාන්ත බෙනඩික්ට්-කොළඹ නාලන්දා

ශාන්ත බෙනඩික්ට් – 234/8 (ෂාරුජන් ෂන්මුගනාදන් 52, ෂෙනාල් සමරතුංග 47, සජිත විතානගේ 35/3), නාලන්දා – 204 (යසිරු සමරකෝන් 53, විහාර අත්තනායක 44/5)

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 30ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ්_ක¼දාන දි මැසිනෝද්

රිච්මන්ඩ් – 208 (ජනෙත් කෞශාල් 54, කවිඳු නිර්මාණ 44, සවිනු චත්නුල 32/2) දි මැසිනෝද් – 104/7 (මහීෂ මිහිෂාන් 30, සිහත් රාමනායක 15/2)

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 104ක ජයක්.

මොරටුව ශාන්ත සෙබස්තියන්_කුරුණෑගල මලියදේව

මලියදේව – 107 (චමත් හෙට්ටිආරච්චි 33, විරෝෂ් විජේසිංහ 12/3), ශාන්ත සෙබස්තියන් – 108/3 (රයන් දිසානායක 39)

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කොළඹ ආනන්ද_අම්බලන්ගොඩ ධර්මාශෝක

ආනන්ද – 241 (අයේෂ් ශෂිමාල් 63. විදුන විජේබණ්ඩාර 57, සෙනිත හැළඹගේ 47/4), ධර්මාශෝක – 109 (අයේෂ් ශෂිමාල් 13/4, මලිත්ත මෙන්ඩිස් 2/26)

ආනන්ද විද්‍යාලයට ලකුණු 132ක ජයක්.

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද _කටුනේරිය ශාන්ත සෙබස්තියන්

ශ්‍රී දේවානන්ද – 216/8 (ෂෙහාන් රශ්මික 58, කවීෂ කල්පන 43, රනූෂ ද සිල්වා නොදැවී 33, විහඟ මලිත් 21, මයුර මල්ශාන් 21, නිමේෂ් මධුසංක 31/2, අශේන් දිනුක 31/2), ශාන්ත සෙබස්තියන් – 170 (මහීෂ සිතුම් 45, නිමේෂ් මධුසංක 35, වනිත් ද සිල්වා 25/3, කවීෂ කල්පන 31/3, විහඟ මලිත් 2/32)

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ලකුණු 46ක ජයක්.

ඉෂාන් රශ්මිත