කොළඹ ඩී.එස්.සේනානායක පිලෙන් ඉහළ දස්කම්

0
12

ශ්‍රී  ලංකා මේසපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද අන්තර් පාසල් මේසපන්දු ශූරතා තරගාවලිය පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ අතර, එහි ශූරතාවය මහනුවර කිංස්වුඩ් විදුහලට හිමිවිය. එසේම අවුරුදු 19න් පහළ ‘සී’ කාණ්ඩයේ අනුශුරතාව කොළඹ ඩී.ස්. සේනානායක විදුහල් ‘ඒ’ කණ්ඩායමට හිමිව තිබිණි.

එසේම මෙම තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය ද ඩී.එස්. සේනානායක විදුහලේම 19න් පහළ ‘බී’ කණ්ඩායමට හිමිවූ අතර ශූරතාව හා අනුශූරතාවයන් පිළිවෙලින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කුරුණැගල මලියදේව විදුහල විසින් හිමිකරගනු ලැබීය.

එන්.පී. කහවල – ඉංගිරිය