කෑගල්ලේ වෑන් – යතුරුපැදි අනතුරෙන් තරුණයෝ තිදෙනෙක් මරුට

0
27

ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිවල ගමන් ගත් තරුණයන් තිදෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. එම යතුරුපැදි මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මරණ වී තිබේ.

වරකාපොළ තුල්හිරිය නාංගල්ල ප්‍රදේශයේ තරුණයන් පස් දෙනකු ඉකුත් 09 වැනිදා රාත්‍රි යතුරුපැදි තුනකින් කෑගල්ල නගරයට පැමිණ අවන්හලකින් කෑම ගෙන ආපසු රාත්‍රි නිවෙස් බලා ගමන් කරමින් සිටියදී කෑගල්ල රංවල ප්‍රදේශයේදී දෙඹටගොඩ සිට මහනුවර ඇරැව්වල දක්වා ගමන් කරමින් තිබුණු වෑන් රථයක රියැදුරුවරයාට නින්ද යෑමෙන් වෑන් රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවට ගොස් තුල්හිරිය බලා ගමන් කරමින් තිබුණු යතුරුපැදි තුනෙහි ගැටී මාර්ගය ආසන්නයේ සවි කර තිබුණු  විදුලි කණුවක ගැටී අනතුර සිදුව තිබේ.

පොලිසිය පවසන්නේ අනතුරට පත් වෑන් රිය කොළඹ – මහනුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වීමෙන් මෙම අනතුර වී ඇති බවය.

එම මොහොතේ මාර්ගයේ අනෙක්  තීරුවේ ගමන් ගත් යතුරුපැදි තුනක් මෙම වෑන් රියේ ගැටී ඇති අතර ඉන් තුවාල ලැබූ පස් දෙනකු රෝහල් ගත කර ඇත.

පොලිසිය පවසන්නේ රෝහල් ගත කර සිටි අයගෙන් තිදෙනකුම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවය.

යතුරුපැදිකරුවන් දෙදෙනකු සහ එක් පසුපැදිකරුවකු මියගොස් ඇති අතර ඔවුන් අවුරුදු 27ක් වයසැති පුද්ගලයන් බවද පොලිසිය කියයි.

තුල්හිරිය සහ වේයන්ගොඩ පදිංචිකරුවන් තිදෙනකු මෙම අනතුරින් මියගොස් තිබේ.

වෑන් රියේ රියැදුරාගේ නොසැලකිල්ල අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණයේදී හෙළි වී ඇත.

වෑන් රථයේ අධික වේගය සහ වෙනත් රථයකට ඉස්සර කිරීමට යෑම නිසා අනතුර වී ඇතැයිද පොලිසිය සැක කරයි.

සිද්ධියෙන් තුවාලලත් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර එක් අයකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රියේ රියැදුරා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නවරත්න හේරත්, උප පොලිස් පරීක්‍ෂක ප්‍රියන්තසිරි, පොලිස් සැරයන්වරුන් වන මීදෙනිය (32185), සුසන්ත (43497), බුලත්සිංහල (57308) පොලිස් කොස්තාපල්වරුන් වන මධුසංඛ (74442), සරත් (76490) යන නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කළහ.

කීර්ති මෙන්ඩිස්, දමුණුපොළ – චමින්ද ජයලත්, කෑගල්ල – බණ්ඩාර පහළවත්ත, උඳුගොඩ – ඒ. නරසිංහ කෑගල්ල, රංවල