උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් 5 දෙනාට අධි චෝදනා භාර දෙයි

0
25

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 196කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්නුවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

නඩුව විභාගය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බැවින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 23 වැනි දින පැවැත්වීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සහ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් යන මහත්වරුන් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනි දින උතුරේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 196ක් සහ ග්‍රෑම් 986ක් මෙරටට ගෙන්වීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

හංසි නානායක්කාර