ඉඩම් ආරවුලකට ගැටී අයියාගේ පිහි පහරින් මල්ලී ජීවිතක්‍ෂයට

0
25

අකුරැස්ස, මා‍ෙදාළ ප්‍රදේශයේදී පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.  ඉඩම් ආරවුලක් මත මෙම පිහි ඇනුම කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

මියගිය අය සිය මවුපියන් බැලීම සඳහා සිය බිරිය සමඟ මා‍ෙදාළ පිහිටි ඔවුනගේ නිවෙසට පැමිණ ඇති අතර ඒ මොහොතේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනකු සමඟ නිවෙසේදී මත්පැන් පානය කරමින් සිට ඇත. එහිදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනා අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේදී කෝපයට පත් වැඩිහල් සහෝදරයා විසින් මොහුට තියුණු ආයුධයකින් ඇන තිබේ. පසුව බරපතළ තත්ත්වයෙන් ආදපාන රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් තිබී ඇත. වයස අවුරුදු 47ක් වන එම පුද්ගලයා අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. පිහි ඇනුම සිදුකළ සහෝදරයා පලාගොස් ඇති අතර පොලිසිය ඔහු හඳුනාගෙන ඇත. අකුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කීර්ති මෙන්ඩිස්