අල්ලස් ගත් උසාවියේ සේවකයා රිමාන්ඩ්

0
25

ගම්පහ දිසා අධිකරණය මඟින් ඉඩමක් සම්බන්ධයෙන් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 2000ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ගම්පහ දිසා අධිකරණ සේවකයකු 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය 09 වැනිදා නියම කළාය.

ගම්පහ බෝගමුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ගම්පහ දිසා අධිකරණය මඟින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට සැකකරු ඇතුළු අධිකරණ නිලධාරීන් 09 වැනිදා එම ස්ථානයට ගොස් තිබේ.

එම ස්ථානයේදී සැකකාර දිසා අධිකරණ සේවකයා අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී රැකවල්ලා සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන බෙම්මුල්ල පොලිසිය වෙත භාර දුන් බව පොලිසිය පැවැසීය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල