අතුරුදන් ‍ෙදාස්තර පොලිසියෙන් සොයයි

0
6

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි දැරියකට අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

උදරයේ ඇති ආබාධයක් හේතුවෙන් මෙම දැරිය පසුගිය 7 වැනිදා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර 8 වැනිදා ඇගේ උදරයේ ස්කෑන් පරීක්ෂාවක් සඳහා රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශයට යොමුකර ඇත.

එම ඒකකයේදී අදාළ වෛද්‍යවරයා බව කියන තැනැත්තා මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බව ගාල්ල පොලිසිය කීය. ඒ බව දැරිය සිය මවට පැවැසීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරයා බව කියන පුද්ගලයාට ඇගේ මව මේ පිළිබඳ සඳහන් කර ඇති අතර “එහෙම වෙන්න බැහැ” කියමින් සැකකරු නි‍ෙදාස් වී ඇතැයිද පොලිසිය කීය.

පසුව දැරියගේ මව මේ පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කර ඇති අතර නිලධාරීන් සැකකරු සොයා කරාපිටිය රෝහලට ගියද ඔහු ඒ වනවිටත් රෝහලෙන් අතුරුදන්ව තිබේ.

සැකකරු මේ වනවිට සැඟව සිටින බවත් සැකකරු සොයා පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බවත් සඳහන්ය.

ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ. සැකකරු දෙදරු පියෙක් බවද පොලිසිය කියයි.