අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා අද දිවයිනට

1
245

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන් අද (සැප්. 11) දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදු කළ අරාධනාවකට අනුව, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගේ මෙරට සංචාරය සංවිධානය කොට තිබේ.

ඒ අනුව, අද දිවයිනට පැමිණෙන මාර්ටින් චොන්ගොන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගැනීමට නියමිත ය.

මෙම නිල සංචාරය තුළදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන්, ජනාධිපති සහ අගමැති හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එමෙන් ම, මාර්ටින් චොන්ගොන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වීමට ද නියමිතව තිබේ.

ඉන් අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා සභානායක සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට ද නියමිත ය.

1 COMMENT

Comments are closed.