මහ රැජිණගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි (VIDEO)

0
727

බ්‍රිතාන්‍ය මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා දින නියම වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත බව ය.

ඒ අනුව, රැජිණගේ දේහය අද බැල්මොරල් සිට එඩින්බරෝ වෙත රැගෙන යාමට නියමිත ය.

මේ අතර, ඊයේ (සැප්. 10) ලන්ඩනයේ පැවති උත්සවයකදී තෙවන චාල්ස්, බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

බ්‍රිතාන්‍යයේ මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණ සැප්. 8 වන දා බැල්මොරල්හිදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 96 වන වියේ පසු වූවා ය.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් රැජිණ වසර 70ක පාලන කාලයකට උරුමකම් කීවා ය.

1952 වසරේදී ඇය බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෙස පත් වූවා ය.