ඉඩම් ආරවුලක් නිසා අයියා මල්ලිව ඝාතනය කරලා

0
290

අකුරැස්ස, මාදොළ ප්‍රදේශයේදී ඊයේ (සැප්. 10) රාත්‍රීයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධව ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

පහර දීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ආදපාන රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 47ක් වූ අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.