ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

0
582

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2022 ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අද (සැප්.11) සිංගප්පූරු කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ ලකුණු 63ට 53ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය ජය ගත්හ.

මෙවර සිංගප්පූරුවේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගන්‍නේ 6 වන වරට ය.

මේ අතර, ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුබ පැතුම් එක්කර තිබේ.