“ලක්ෂ 220ක් කඳුළු බොද්දී ඇමතිවරු ජය පැන් බොනවා”

0
125

“ලක්ෂ දෙසිය විස්සක් ජනතාව කඳුළු සලද්දී රට වැනසූ පොහොට්ටුවේ මැති – ඇමැතිවරු ජය පැන් බොනවා,” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ ජනතාව නැගී සිටියේ තමන් අත්විඳි පීඩනයට එරෙහිව බවත් ඔවුන් ප්‍රාර්ථනා කළේ සාධාරණ රටක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

එහෙත් රාජපක්ෂ පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව ඇප කැපවී සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.

මර්දනයට එරෙහිව සමස්ත ජනතාව සමග සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය එකට එක්වන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය ඇමතිවරු තිස්හතක් පත් කරමින් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ඔවුන් නඩත්තු කිරීම සඳහා යොදවමින් සිටින අතර රාජපක්ෂලා සුරක්ෂිත කිරීම වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා ද රටේ ජනතාව මර්දනය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරට ත් පැවසීය.