Google පිහිටෙන් අතීතය නරඹන්න යං

0
579

අතීතයේදී ලබාගත් satellite images භාවිත කරමින් ලොව විවිධ ස්ථාන ඒ කාලයන්වලදී තිබුණු ආකාරය බැලිය හැකි පහසුකමක් Google Earth mobile app එක වෙත එකතු කිරීමට Google සමාගම සූදානමින් සිටී. මෙම පහසුකම මේ වනවිට Google Earth Android app එකේ source code එක තුළ ඇතුළත් වන නමුත් එය experimental preference setting එකක් හරහා enable කර ගැනීමේ හැකියාව ඇත.

මේ පහසුකම හරහා California නගරයේ පෙනුම 1930 – 1940 දශක වල සිට මේ දක්වා වෙනස් වූ ආකාරයට නැරඹිය හැකි අතර කාලය ගතවෙත්ම සිදු වූ වෙනස්කම් timelapse එකක් ආකාරයෙන් නැරඹීමේ හැකියාවද පවතී. කොහොම නමුත් අමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත ප්‍රදේශවලට අයත් images බොහෝ විට මේ ආකාරයෙන් දැක ගැනීමේ හැකියාව අඩු බවත් මේ තාක්ෂණය තුළින් නැරඹිය හැක්කේ Google servers වල satellite images ඇති ප්‍රදේශයන් පමණකි.

කෙසේ නමුත් මෙම පහසුකම පිළිබඳව හෝ මෙය නිකුත් කිරීමට නියමිත දිනයක් පිළිබඳව Google සමාගම විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

නමුත් දැනටමත් මෙය Android app එක තුළ අන්තර්ගත බැවින් ඉතාමත් ඉක්මනින් මෙය ජනතාව අතරට ගොස් ඔවුන් නව අත්දැකීම් සමුදායක් ලබා ගනු ඇත.

වාසි

ඕනෑම අයකුට නොමිලේ ලබාගත හැකි සේවාව, තෝරාගත් ගොඩනැඟිලි නැරඹීමට ඇති හැකියාව, යාවත්කාලීන සිතියම් සහ දත්ත, අතිශයින් සවිස්තරාත්මක 3D Capabilities තිබීම, භාෂා 45 කින් ලබාගත හැකිවීම.

අවාසි

සමහර ප්‍රදේශවල less resolution පැවතීම, අන්තර්ජාල ප්‍රවේශය අත්‍යවශ්‍ය වීම, ලෝකයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය නොවීම.

සදෙව් අභිමන්‍යු