Battery බහින ප්‍රශ්නයට ඇත්ත විසඳුමක්

0
615

වර්තමානයේ Electronic උපාංගවල භාවිත වන බැටරිවල අභ්‍යන්තර සැකැස්ම සෑම ආරෝපණයකින්ම පසු එහි ආයු කාලය අඩුවන බව නොරහසකි.

බැටරි තුළ ඇති Binding – materials වල දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් වාර 500ක් charging – cycles තරම් අඩු Recharge කිරීම් ගණනාවකදී බැටරියේ ධාරිතාවෙන් 40ක් පමණ අහිමි වේ.

බැටරි තාක්ෂණය වෙනුවෙන් යොදා ගන්නා Polyvinylidene – Fluoride නම් අමුද්‍රව්‍ය මෙයට හේතුව වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජංගම දුරකථනයක් මිලදී ගෙන වසරක් දෙකක් ඇතුළත එහි බැටරියේ ගුණාත්මකභාව අඩුවේ.

Japan Advanced Institute of Science and Technology හි පර්යේෂකයන් විසින් නව බැටරි තාක්ෂණයක් හ¾දුන්වා දෙන්නේ මෙම පසුබිම තුළ වන අතර මෙම නව තාක්ෂණය සමඟ Recharge කිරීම් වාර 1700ක් තරම් ඉහළ වාර ගණනක් ඉක්මවා යෑමේදී පවා බැටරියේ ගුණාත්මකභාවය 95ක් තරම් ප්‍රශස්ත අගයක රඳවා ගැනීමට සමත් වේ.

Polyvinylidene – Fluoride වෙනුවට මෙම නව බැටරි තාක්ෂණය සඳහා BP නම් Binding material එකක් සොයාගෙන තිබේ. මෙම අමුද්‍රව්‍ය භාවිත කිරීම මඟින් බැටරියේ මුල් ධාරිතාව අඩු නොවී වසර 5ක් දක්වා කාර්යක්ෂමව පවත්වා ගැනීමට හැකිවේ. මෙම තාක්ෂණය මඟින් නිපදවන බැටරි Electric Vehicles, Phones හෝ Laptop පවා බලගැන්වීමට හැකි බව පරීක්ෂකයන් සඳහන් කරයි. එමඟින් Electric Vehicle මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙලඹෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.

මේ නිසා නුදුරු අනාගතයේදීම වඩා හොඳ බැටරි තාක්ෂණයක් සහිත ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතයට අපට අවකාශ ලැබේ.

මෙම දිගුකාලීන බැටරි භාවිතාව මඟින් මිනිසුන්ට නව බැටරි ඉතා ඉක්මනින් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් පාවිච්චි කළ බැටරි පරිසරයට මුදාහැරීමද අවම වේ. එමගින් E – waste ස්වභාවධර්මයට මුදාහැරීම අඩුවේ.

දීර්ඝකාලීනව පාවිච්චිය නිසා මිනිස්සුන්ගේ මුදල් පසුම්බියටද සහනයකි. විද්‍යාව දියුණුව මානව වර්ගයාගේ පරිහානියට නොව මානව හිතවාදී ලෙස අප උපයෝගී කරගත යුතුය. එමඟින් ස්වභාවධර්මයද අපද රැකේ.

සදෙව් අභිමන්‍යු