සුද්‍ෙදා යනකොට කළු සුද්දෝ රජ වුණේ කොහොමද?

0
55

අපේ මාතෘ භූමිය 16 වැනි සියවසේදී යටත් කරගත් පෘතුගීසීන්ගෙන්ද අනතුරුව රට අල්ලා ගත් ඕලන්ද ජාතිකයන්ගෙන්ද ඉනික්බිතිව 1815දී සමස්ත දේශයම යටත් කරගත් බි්‍රතාන්‍ය  අධිරාජ්‍යවාදීන්ගෙන්ද මුදා ගැනීමට අපි සමත් වුණෙමු. එහෙත් ඉන් අනතුරුව රට අල්ලා ගත් කළු සුද්‍ෙදා් ජාතික සම්පත් සූරා කමින් රටේ ජනතාවගේ රීරි මාංස උරා බොමින් රටත් ජාතියත් භයානක ඉරණමකට ඇද දමා තිබේ. අපරදිග ජාතීන්ගෙන් රට ගලවා ගත්තත් කළු සුද්දන්ගෙන් රට මුදා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මේ වන විට රටේ ජනතාවට වැටහෙමින් තිබේ. 1948 බි්‍රතාන්‍යයන්ගෙන් රට නිදහස් කර ගන්නා අවස්ථාවේ රටට අදරැති ජාතික නායකත්වයකට පාලනය භාර දීමට නොහැකි වූයේ මන්ද යන්න අදටත් නොවිස¾දුණු ගැටලුවකි.

කළු සුද්දන් ලෙහෙසියෙන් ස්වකීය පාලන බලය අත්හරින්නේ නැත. ඔවුහු රට සූරාකමින් අනීතිකව උපයාගන්නා ධනයෙන් තම විදේශ ගිණුම් තරකර  ගනිමින් සිටිති. කළු සුද්‍ෙදා් අවස්ථා ගණනාවකදී මේ රට ලෙයින් සෝදාහැර තිබේ. සියල්ල කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. සුදු ජාතිකයන් අතම රටේ පාලනය පැවැතියා නම් හොඳය කියන තැනට ඇතැම් පුරවැසියන් පත්ව තිබේ. එය බරපතළ ඛේදවාචකයකි.

රටට ආදරය කරන සැබෑ මිනිසුන් සිටියදී ඊනියා ස්වදේශික ප්‍රභූ පෙළැන්තිය අතට ඉංග්‍රීසීන්ගෙන් පසු බලය හුවමාරු වීම ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ප්‍රශ්නයකි. වැඩවසම් සමාජ ආර්ථික හැඩගැස්මක් තිබූ ශ්‍රී  ලංකාවේ ධනපති ක්‍රමය උත්තරාරෝපණය වූයේ අපරදිග රටවල මෙන් කාර්මික විප්ලවය තුළින් නොවේ. 16 වැනි සියවසේ සිට 20 වැනි සියවස දක්වා යටත්විජිත පාලනයක් පැවැතීමටද මෙරට පැවැති වැඩවසම් සමාජ ක්‍රමය ඉවහල් විය. ඉතා දිගු කලක් නිර්යාත වෙළෙඳපොළක් වශයෙන් පැවැතීම නිසා ලංකාවේ ධනවාදී නොවූ යටත්විජිත ආර්ථිකයක් බිහි වී තිබිණි. ඒ නිසාම ශ්‍රී   ලංකාවේ ස්වදේශික ධනපති පන්තිය අපරදිග රටවල කාර්මික හෝ වාණිජ සමාජ පන්තීන්ට  සමාන වූයේ නැත.

ශ්‍රී  ලංකාව 1815දී බි්‍රතාන්‍ය යටත් විජිතයක් බවට  පත්වීමත් සමඟ පාරම්පරික රදල  බලය බිඳවැටුණු අතර නාගරික ප්‍රභූ පෙළැන්තියක් බිහිවිය. ඔවුන් නිෂ්පාදන මාර්ගයන්හි අයිතිය හිමි ධනපති පන්තිය බවට පත්වීමට සංවර්ධනීය කාලපරිච්ඡේදයක් පසු කළ යුතු විය. ආරම්භයේදී මෙම ප්‍රභූ පෙළැන්තිය හා බි්‍රතාන්‍යයන් අතර ගැටුමක් නිර්මාණය වූ නමුත් එම ගැටුම මතවාදී ගැටුමක් මිස පන්ති අරගලයක් නොවීය. අධිරාජ්‍යවාදීන්ගේ සහ මෙරට ප්‍රභූ පෙළැන්තියේ ජාන සම්පත්තිය සමපාත වූයේය.

ප්‍රභූ පෙළැන්තිය යන්නෙන් හැඳින්වෙන්නේ ලබා ගන්නට තිබෙන දේවලින් වැඩිම කොටස අත්පත් කර ගත්තා වූත් සමාජ ජීවිතයට අවශ්‍ය දේවල්වලින් වැඩිම කොටසට හිමිකම් කියන්නාවූත් තමන්ට නායකත්වය ලබා ගත හැකි ආකාරයේ  බලගතු තත්ත්වයක් පවත්වා ගන්නා වූත් පිරිසකගෙන් යුතු සමාජ සැකැස්මකි. වෙනත් ආකාරයකින් කියතොත් ඒ ඒ පුද්ගලයන් විසින් පාලනය කෙරෙන, හසුරුවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අනුව  තත්ත්වය තීරණය කෙරෙන සමාජ සැකැස්මකි.

කළු සුද්දන් ලෙස ව්‍යවහාරයට එකතු වූ ප්‍රභූ  පෙළැන්තියට එකී සමාජ සන්නාමය ලබා ගැනීමට ඉවහල් වූ ප්‍රධාන කරුණු මෙසේය. එම පිරිස සතුව පැවැති භාණ්ඩ හා සේවාවන්ගේ වැඩි අයිතිය සහ දේශපාලනයට බලපෑම් කිරීමට තිබූ හැකියාව, බලතල සහිත තනතුරු දැරීම සුවිශේෂී ජීවන තත්ත්වය සහ පරිභෝජන රටාව කුලය හෝ වෙනත් මිනුම් දඬු මත පදනම් වූ උසස් සමාජ තත්ත්වය ලාංකේය සමාජය අගය කරනු ලබන ආධ්‍යාත්මික හා සංස්කෘතික කටයුතුවල ප්‍රමුඛත්වය දැරීම.

රටවැසියන්ගේ උසස්ම  සැලකිල්ලට පාත්‍ර වූ පුද්ගලයන් සිටිය යුතු ආයතනයක් ලෙස සැලකූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ප්‍රථමවරට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී ප්‍රභූ  පෙළැන්තියට නිරායාසයෙන්ම විශේෂ ස්ථානයක් හිමිවිය. ඔවුන් දේශපාලනයට පොළා පැන්නේ එලෙසය.

සාමාන්‍ය ජනයා විසින් ප්‍රභූ පෙළැන්තියට දක්වන ලද අවනතභාවයද ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමේදී සිංහලෙන් “හාමු” “මහත්මයා”  “රාලහාමි” යනුවෙන්ද දෙමළෙන් “අයියා” හෝ  ඉංග්‍රීසියෙන් “සර්” යනුවෙනුත් ගෞරව පූර්වක පද භාවිත කරනු ලැබීම නිසා ප්‍රභූ පෙළැන්තියේ මහත් තත්ත්වය තව තවත් තහවුරු වූ බව පෙනේ. ප්‍රභූ පෙළැන්තියට තම බිරින්දෑ වුවත් පාවා දෙන්නට තරම් ග්‍රාමීය දිළි¾දු සමාජය නිවට විය.

මෙරට ප්‍රභූ පෙළැන්තියේ ජීවන රටාව අපරදිගට නැඹුරුවූවකි. ඔවුන් කතා කළේ ඉංග්‍රීසියෙනි. 19 සියවස අගදී හා 20 වැනි සියවස මුලදී ප්‍රභූ පෙළැන්තියට ඇතුළත්ව සිටි ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා අල්ප වූ නමුත් කබාය සහ  කලිසම ඇඳ ඊට උඩින් රෙද්දක් ඇඳීම ඔවුන් ඇතැමකුගේ විලාසිතාව විය.

ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට පහතරට සිංහල නියෝජිතයා වශයෙන් ජේම්ස් පීරිස් පත්කරගැනීමට  පාලකයන් පෙලඹවීම පිණිස 1894 – 1895 කාලයේ ආරම්භ කළ ව්‍යාපාරයේදී කොළඹ, ගාල්ල, තංගල්ල ආදී ප්‍රදේශවල පැවැති රැස්වීම්වල වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී ලියුම්කරුට දැකගන්නට ලැබුණු අතර ප්‍රභූ පෙළැන්තිය ප්‍රාදේශීය වශයෙන්ද ගොඩනැඟුªණු ආකාරය ඉන් මනාව පැහැදිලි  විය.

යටත් විජිත පාලනය තුළ එතෙක් පැවැති  වැඩවසම් සමාජ ආර්ථික හැඩගැස්ම බිඳවැටුණු අතර රාජකාරි ක්‍රමය අහෝසි විය. ඉඩම් රාජ්‍ය දේපළක් බවට පත්වූ අතර වාණිජ භෝග සඳහා වතු වගාව ආරම්භ විය. ගොඩ ඉඩම් සඳහා බදු අයකිරීමක් 1932 වනතුරුම නොවීය. වතු වගාවේ නැඟී යෑම තුළ ප්‍රභූ පෙළැන්තියට අවශ්‍ය  රැකියා උත්පාදනයද සිදුවිය. යටත් විජිත පාලන සමයේ ඇති වූ අධ්‍යාපනික පුනරුදයද අලුත් ප්‍රභූ පෙළැන්තියේ වැඩීමට හේතු විය.

1901 – 1921 අතර කාලයේ විශේෂ වෘත්තීන්වල යෙදී සිටි ශ්‍රී  ලාංකික පිරිමි සංඛ්‍යාවේ වර්ධනය පිළිබඳ සටහන මෙසේය.

නීතිඥවරු 356 සිට – 800 දක්වා

වෛද්‍යවරු 323 සිට 789 දක්වා මිනින්‍ෙදා්රු 160 සිට 465 දක්වා සිවිල් ඉන්ජීනේරු 11සිට 56 දක්වා

සමාජයේ ඉහළ තත්ත්වයට සංක්‍රමණය වීමට රුකුල් දුන් ආර්ථික කටයුතු ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. වෙළෙඳ කටයුතු හා කර්මාන්ත එකකි. අනෙක නම් වෙළෙඳ බෝග වගාව හා නාගරික දේපොළ සම්බන්ධ ආයෝජනයයි. මෙබ¾දු කටයුතුවලින් ප්‍රභූ පවුල් විශාල ධනස්කන්ධයක් එක්රැස් කරගත්හ. මෙම පිරිස ඉතා සුඛෝපභෝගී වූත් සුවිශේෂී වූත් දිවි පෙවෙතක් ගත කළහ.

කළු සුද්දන්ට බි්‍රතාන්‍ය පාලනය විසින් වගකීම පවරන ලද්දේ ඔවුන් කාර්යයෙන් හරයෙන් මෙන්ම පෙනුමෙන්ද ඉංග්‍රීසි ජාතිකයන්ගේ තත්ත්වයට ගොඩනැඟී සිටි බැවිනි. රටේ දේශපාලන බලය පිළිබඳ වගකීම් පැවරීමේදී ඔවුන්ගේ ධනය හා වත්කම් මෙන්ම ධනේශ්වර පන්තියේ වුවමනාවන් සාක්ෂාත් කිරීම සඳහා දැක්වූ කැපවීම බි්‍රතාන්‍ය  ආණ්ඩුකාරවරුන්ගේ මිනුම් දණ්ඩ වූ බව පෙනේ.

1917 වන විට ස්වදේශිකයන්ට අක්කර 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් විශාල පොල්වතු 412ක් හිමිව තිබුණේය. අක්කර 100 වඩා වැඩි තේ වතු 103ක් අයිතිව තිබුණේය. අක්කර 100කට වඩා වැඩි රබර් වතු 68ක්  තිබිණි.

ප්‍රභූ පෙළැන්තිය 1931දී රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින් දේශපාලනයට එන විට ඔවුහු මෙරට පළමු පෙළේ ධනපතියන් වී සිටියහ.

පර්ගසන්ගේ ලංකා ජනපොතේ සඳහන් වාර්තාවලට අනුව 1917 වර්ෂයේ ශ්‍රී  ලංකාවේ ස්වදේශිකයන් සතුව පැවැති මහා පරිමාණ වතු වගාවන් පිළිබඳ විස්තර මෙසේය. මේ වතුවල තේ, පොල්, රබර්, කුරු¾දු, කොකෝවා සහ පැඟිරි වගා කර තිබිණි. භූමි ප්‍රමාණය අක්කරවලින් දක්වා ඇත.

සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක – පොල් අක්කර  1,725. හෙන්රි ද මෙල් –  4,043. ජේකබ් ද මෙල් –  2,350. ඒ.ඊ. ද සිල්වා  3,460. හෙන්ද්රික් ද සිල්වා – 1736. ඒ.ජේ.ආර්. ද සොයිසා  3,787. ඊ.එල්.එෆ්. සොයිසා – 6,816. එච්. ‍ෙදාන් කරෝලිස් _ 1,664. කර්නල් ටී.ජී. ජයවර්ධන _ 1,069. ජේ.පී. ඔබේසේකර මිය _ 3,867. ශ්‍රී මත් එස්. සී. ඔබේසේකර _ 2,804. ඩී.එස්. සේනානායක –  1,327. ඩී.සී. සේනානායක _ 2,225. එෆ්.ආර්. සේනානායක _ 2,806. ඊ.සී. ද ෆොන්සේකා – 5,410. එච් අමරසූරිය – 5,900. අරුණාචලම් චෙට්ටි – 1,199. ටී. තවරාස පිල්ලෙයි – 1,269. පී. සිදම්බරම් – 950. මහමදු කාසිම් _ 700. නයින මරික්කාර්- 1,973. ගේබ්රියෙල් ද කෘස් – 1,367.

ලංකා ජාතික සංගමයේ ලිපි ලේඛන – 1929 සිට 1950 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිට 32/33

කළු සුද්දන් වූ ප්‍රභූ පෙළැන්තියේ නැඟීම හ¾දුනා ගැනීම පිණිස කොළඹ මහ නගර සභාවේ එවකට පැවැති කොට්ඨාස 5 තුළ සිටි ප්‍රධාන පෙළේ ධනවතුන් කිහිපදෙනකුගේ වත්කම් පිළිබඳ 1915 නිල ඇස්තමේන්තුව මෙසේ  දැක්විය හැකිය. එක් එක් පුද්ගලයා සතු දේපළ වටිනාකම තක්සේරු කර මුදල රුපියල්වලින් දක්වා තිබේ.

සී.එම්. ද සොයිසා – 1,034,410

ඩී.ඩී. පේදිරිස් _ 391,130

හෙන්ද්රික් සෙනෙවිරත්න -296,240

හෙන්රි ආතර් පීරිස් _ 645,420

බර්නාඩ් ගුණසේකර – 225000

එච්. ‍ෙදාන් කරෝලිස් _ 198,560

ඩී.එස්. සේනානායක -107,720

ජෝසප් අර්සකුලරත්න _ 107,370

හෙලේනා විජේවර්ධන _ 43,080

මුදලි¾දු වනිගසූරිය _ 94,780

පැට්රනෙල්ලා ආටිගල -46,100

මාරියා එලිසබෙත් _ 141,600

මර්සල්ස් ප්‍රනාන්දු _ 113,540

ජේම්ස් ඒ. අල්විස් _ 88,000

ටී. ඊ. ද සම්පායෝ –  50,000

ඒ. ඊ. කොතලාවල _ 53,160

19 වැනි සියවස මුල සිටම දේශීය ප්‍රභූ ධනපතියන් අතර ප්‍රබල ලෙස කුල ගැටුම් ඉස්මතු විය. ප්‍රභූ පෙළැන්තිය සතු භාණ්ඩ හා සේවාවලින් විශාල ප්‍රමාණයක් කරාව, සලාගම හා දුරාව කුලවලට අයත්ව තිබීම කුලභේදය තව තවත් උග්‍රවීමටත් ගොවිගම කොටස් සමඟ කුල ගැටුම් උග්‍රවීමටත් හේතු විය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ පත්කළ මන්ත්‍රි ආසනය ගොවිගම රදල  ඒකාධිකාරියක් බවට පත්ව තිබීම වෙනස් කිරීමට සෙසු කුලවලට අයත් නීතිඥයෝ ඇතුළු උගත් පිරිස මහත් පරිශ්‍රමයක් දැරූහ. 

කෙසේ වුවද 1919 ලංකා ජාතික සංගමය පිහිටුවන විට මෙරට සියලු ජාතීන් සහ සියලු කුල කණ්ඩායම් ඊට එක් වන්නට පසුබිම සකස්ව තිබිණි. 1917 වන විට ලාංකිකයන් අතර සිටි ජාතීන් අනුව ප්‍රධාන වතු හිමියන්ගේ ප්‍රතිශතය මෙසේය.

සිංහල 125යි 75.3%. ලංකා දෙමළ 16යි 9.6%. මුස්ලිම් 8යි 4.8%. බර්ගර් 4යි 2.4%. ඉන්දීය 5යි 3.0%. කොළඹ චෙට්ටි 6යි 3.6%. මැලේ 2යි 1.2%. ඔවුහු ඉතා දක්ෂ ලෙස ලංකා ජාතික සංගමය දේශපාලනය බලය ඩැහැගැනීමේ පාලමක් ලෙස පත් කර ගත්හ.

බි්‍රතාන්‍ය ආණ්ඩුව ලංකාවට ඩොමීනියන් තත්ත්වය දීමට තීරණය කරන විට ඩී.ඇස්. සේනානායක වහාම ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහා සභාවත් ජී.ජී. පොන්නම්බලම්ගේ ද්‍රවිඩ සංගමයත් අෑඳාගෙන 1947දී කිසිදු එක්සත් කමක් හෝ ජාතික එකඟතාවක් නැති එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ප්‍රථම මහ මැතිවරණය ජය ගත්තේය. 

ලංකා ජාතික සංගමයෙන් ඉතිරි වූ කැට කැබිලිති එකතු කරගත් ජෝර්ජ් ඊ. ද සිල්වා 1950 ජනවාරියේ මහනුවරදී රැස්වීමක් පවත්වා මෙසේ ප්‍රකාශ කර තිබේ.

“ඩී.එස්. සේනානායක නිදහස දිනාගෙන ඇත්තේ ජනතාවගෙන් 90%ක් අන්ත දුගී භාවයේ ගැලී සිටියදී. රජයට සම්බන්ධ කිහිප දෙනකුට තොරණ යටින් ගොස් පිළිගැනීමේ උත්සව, සාද, රාත්‍රි භෝජන සංග්‍රහ, බාල් නැටුම්, උපන්දින සාද ආදියට සහභාගි වෙමින් විනෝද වනු පිණිස නිදහස ලබා ගත් බව පෙනී යන්නේය. දුප්පතාට පොල් ගෙඩියකට සත 30ක් තරම් විශාල මුදලක් ගෙවන්නට සිදුව තිබියදී නායකයෝ අරාබි සුල්තාන්ලාගේ  නාටිකාංගනාවන් ගෙන්වා විනෝදවීමට පොරකති.  පාලකයෝ දූෂණයෙන්, මැරවරකමින්, කට්ටි වාදයෙන් අන්තයටම කිලිටි වූ නොයෙක් ආකාරයේ දේශපාලන මගෝඩිකම් කරමින් ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමය කෙලෙසමින් සිටී.

මේ කතාවෙන් පැහැදිලි වන්නේ රට යන අත එදාද ඇතැමුන් දැන සිටි බවය. කළු සුද්දන්ගේ පාලනයේ 75 වසරක අනිටු විපාක අපි මේ වන විට විඳ ඇත්තෙමු. දැන් එයින් මිදෙන මං සොයා අ¾දුරේ අතපත ගෑමෙන් පලක් නැත.

උදේනි සමන් කුමාර