සැප්: 24-ඔක්: 18 අතර කාලයේ සිකුරු නීච වෙයි රටට අසුබ ආරංචියක්

0
478

සිකුරු ග්‍රහයා 2022 වසරෙහි සැප්තැම්බර් 24 වැනිදා රාත්‍රි 09.03ට කන්‍යා රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කරන අතර 2022 වසරෙහි ඔක්තෝබර් 18 වැනිදා රාත්‍රි 09.40 වන තෙක්ම තම නීච චලිතය පවත්වා ගෙන යයි. එම කාල සීමාව මුළුල්ලේම බුධ ග්‍රහයාද කන්‍යා රාශිය තුළ උච්ච චලිතයක යෙදෙන බව පෙනේ.

ඒ අනුව 2022 වසරෙහි සැප්තැම්බර් 24 වැනිදාත්, 2022 වසරෙහි ඔක්තෝබර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ බුධ සහ සිකුරුගෙන් නීච භංග යෝගයක් නිර්මාණය වෙයි. සාමාන්‍යයෙන් නීච භංග යෝගයකදී නීච භංග යෝගයේ ප්‍රතිඵලයට අමතර ලෙස නීච වූ ග්‍රහයාගේ අසුබ ප්‍රතිඵලයද ලැබෙන බව අප විසින් ප්‍රායෝගිකව නිරීක්‍ෂණය කර ඇත.

ඒ අනුව 2022 වසරෙහි සැප්තැම්බර් 24 වැනිදාත්, 2022 වසරෙහි ඔක්තෝබර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ රටට අසුබ ආරංචියක් ලැබීමක් හෝ අසුබ සිද්ධියක් සිදුවීමක් හෝ රටට විශේෂිත ගැටලුවක් නිර්මාණය වීමක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් අදාළ ගැටලුවලට යම් තරමකින් හෝ විසඳුම් ලැබීමක්ද පෙන්නුම් කරන අතර ඉහත කී කාල සීමාව තුළම වෙනත් ආකාරයකින් රටට සුබදායක ආරංචියක් ලැබීමටද ඉඩකඩ පවතින බව පෙනේ.

මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදිම නැප්චූන් ග්‍රහයා 2022 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදා පෙ.ව. 05.31ට කුම්භ රාශිය කරා පිවිසෙයි. මහ සයුර නියෝජනය කරන ග්‍රහයකු වන නැප්චූන් මෙසේ කුම්භ රාශියට පිවිසීමට අනුව 2022 වසරෙහි සැප්තැම්බර් 12 ආශි්‍රත දිනවල සහ 2022 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ මුහුදෙහි මෙන්ම ගොඩබිමෙහිද බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ ඇති අතර මහ සයුර රළු වීමද, මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන වර්ධනය වීමද, ලෝක මට්ටමෙන් සිදුවන සුළි කුණාටු ආදියටද වෙනදාට වඩා ඉඩකඩ ඇත.

එනිසා මුහුද ආශි්‍රතව රැකියාවන් කරන අය එම කාලය තුළ තම ආරක්‍ෂාව පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය.

මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදිම රවි ග්‍රහයා 2022 වසරෙහි සැප්තැම්බර් 17 වැනිදා පෙ.ව. 7.22ට කන්‍යා රාශිය කරා පිවිසෙන අතර 2022 වසරෙහි ඔක්තෝබර් 17 වැනිදා රාත්‍රි 7.22 වන තෙක්ම තම කන්‍යා රාශි චලිතය පවත්වා ගෙන යයි. රවි ග්‍රහයා මෙසේ කන්‍යා රාශිය කරා පිවිසීමට අනුව 2022 වසරෙහි සැප්තැම්බර් 17 වැනිදාත්, 2022 වසරෙහි ඔක්තෝබර් 17 වැනිදාත් අතර කාල සීමාව තුළ කෝණ මාස දෝෂය නිර්මාණය වන අතර ඒ අනුව නිවාස නැකැත් පිළියෙල කිරීමට සුදුසු ග්‍රහ තත්ත්වයක් නොපවතියි. තවද මෙසේ රවි ග්‍රහයා කන්‍යා රාශිය කරා පිවිසීම සිදුවන සැප්තැම්බර් 17 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර ප්‍රසිද්ධ කලාකරුවන්ට ඇතිවන යම් යම් අපලදායක තත්ත්වද පෙන්නුම් කෙරේ.

සමස්ත ග්‍රහ ගෝචරය සැලකීමේදී පෙනී යන්නේ මෙම සැප්තැම්බර් 12 වැනිදා ආශි්‍රතව එළැඹෙන දින කිහිපය තුළ රටම දන්නා ප්‍රසිද්ධ චරිතයකට ඇති වන අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරන බවය. මීට අමතර ලෙස එදින පසුව එළඹෙන දින කිහිපය තුළ ජල විපත් පෙන්නුම් කරන බැවින් ජලාශි්‍රත කටයුතුවලදී වෙනදාට වඩා ප්‍රවේශම් විය යුතුය.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

0714410906