ලක්ෂ 220ක් කඳුළු බොද්දී ඇමැතිවරු ජයපැන් බොනවා

0
43

“ලක්ෂ දෙසිය විස්සක් ජනතාව ක¾දුළු සලද්දී රට වැනසූ පොහොට්ටුවේ මැති – ඇමැතිවරු ජයපැන් බොනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

රටේ ජනතාව නැඟී සිටියේ තමන් අත්විඳි පීඩනයට එරෙහිව බවත් ඔවුන් ප්‍රාර්ථනා කළේ සාධාරණ රටක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහෙත්  රාජපක්ෂ පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව ඇප කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය. මර්දනයට එරෙහිව සමස්ත ජනතාව සමඟ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය එකට එක්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරු තිස්හතක් පත් කරමින් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ඔවුන් නඩත්තු කිරීම සඳහා යොදවමින් සිටින අතර රාජපක්ෂලා සුරක්ෂිත කිරීම වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයාද රටේ ජනතාව මර්දනය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.

නිර්මාණි ගුණරත්න