යකඩ හදවතේ සැබෑ ප්‍රේමය

0
570

අද මම ඔයාලට අරගෙන ආවෙ මාවල් සිනමා විශ්වය එහෙමත් නැත්නම් MCU එක සම්බන්ධ ෆෑන් තියරියක්. මාවල් සිනමා රසිකයන් බොහෝදෙනෙක් දන්න දෙයක් තමයි Wanda සහ Vision දෙන්නගෙ ආදර කතාව. චිත්‍රපට කිහිපයක් සහ රූපවාහිනි කතා මාලාවක් හරහා පවා දිගහැරුණු ඒ ආදර කතාව ඔයාලා හැමෝම වගේ දැනගෙන හිටියට මේ කියන්න යන ඒක පාර්ශ්වික ආදර කතාව නම් ඔයාලා බොහෝදුරට අහලවත් නැතිව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි මේ ආදර කතාව ෆෑන් තියරියක් වීම.

Avengers: Age of Ultron කියන සිනමාපටය පාදක කරගෙන හැදුණු මේ ෆෑන් තියරිය නිර්මාණය වෙලා තිබෙන්නෙ මාවල් සිනමා විශ්වයේ දරුණුම දුෂ්ට චරිතයක් වුණු කෘත්‍රිම බුද්ධියකින් සැදුම්ලත් Ultron කියන රොබෝ වටායි. මේ ෆෑන් තියරිය Lumba කියන නමින් ඉන්න Redditor අතින් තමයි නිර්මාණය වුණා කියලා කියන්නෙ. පසුකාලීනව විවිධ රසිකයන් මේකට තමන්ගෙ අදහසුත් එකතු කරලා තිබෙනවා. සිනමාපටය පුරාවට දකින්න ලැබුණු ඇතැම් සිදුවීම් පාදක කරගෙන තමයි මේ ෆෑන් තියරිය නිර්මාණය වෙලා තිබෙන්නෙ.

Avengers: Age of Ultron සිනමාපටයේ මුල් හරියෙදි අපිට දැකබලා ගන්න පුළුවන් ඇවෙන්ජර්ස්ලව විනාශ කරලා ලෝකයට සාමය අරගෙන එන්න අල්ට්‍රෝන් සිදුකරපු මෙහෙයුමට Wanda maximoff සහ ඇයගේ සහෝදරය වුණු Pietro maximoff ආධාර උපකාර කරපු බව. මිනිසුන්ට ලොකු කැමැත්තක් නැති Ultron තමන්ගෙ වැඩවලට එයාලව එකතු කරගත්තෙ බොහොම කැමැත්තෙන්. නමුත් ටික දවසකට පස්සෙ Ultronගෙ සිතිවිලිවල භයානක බව තේරුම් ගත්ත Wanda සහ ඇයගෙ සහෝදරයා උතබපධදට ද්‍රෝහි වෙලා ඔහුව පරාජය කරන්න ඇවෙන්ජර්ස්ලට උදවු කරන්න තීරණය කළා.

චිත්‍රපටය තුළ මේ විදිහට Wanda අල්ට්‍රෝන්ට විරුද්ධ වුණු වෙලාවෙදි Wanda දිහා බලන Ultron “Please, don’t do this” කියලා ‘වන්ඩට’ කියනවා. මිනීමරු ඝාතන යන්ත්‍රයක් වුණු අල්ට්‍රෝන් Wanda තමන්ට ද්‍රෝහි වුණාම මේ විදිහට හැසිරුණේ ඇයි..?  මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් කියන්නෙ ඒකට හේතුව වුණේ අල්ට්‍රෝන් එචදඤචට රහසින්ම ආදරේ කරපු නිසා කියලයි. ඔවුන් කියන විදිහට එචදඤචව විශ්වාස කරපු, ඇයට ආදරය කරපු අල්ට්‍රෝන්ට ඇයගේ ද්‍රෝහි වීම භාරගන්න බැරිවෙලා තිබෙනවා.

ඊළඟට චිත්‍රපටයේ එක්තරා තැනක අල්ට්‍රෝන්ගෙම නිර්මාණයක් වෙලා පස්සෙ ඇවෙන්ජර්ස්ලා එක්ක එකතු වුණු Vision සහ Ultron අතර කතාබහක් ඇතිවෙනවා. එතැනදි අල්ට්‍රෝන් Visionට මෙන්න මෙහෙම කතාවක් කියනවා. “My vision… they really did take everything from me.” ඒ වගේම අල්ට්‍රෝන් “you took away my world,” කියලත් කියනවා.

අල්ට්‍රෝන් මේ විදිහට ඇවෙන්ජර්ස්ලා එයාගෙ හැමදේම ගත්තා කියලා Visionට කිව්වට ඒ ගත්ත දේවල් මොනාද කියලා කියන්නෙ නෑ. හැබැයි චිත්‍රපටය බලපු හැමෝම දන්නවා මේ කියන විදිහට නැතිවෙන්න අල්ට්‍රෝන් ළඟ මහලොකු දේවල් ගොඩක් තිබුණෙ නැති බව. අල්ට්‍රෝන් මේ විදිහට කියන්නෙ ඔහු අත්පත් කරගන්න හිටපු Visionගෙ ශරීරය සහ Wanda ගැන වෙන්න පුළුවන් කියලයි ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් කියන්නෙ.

ඊළඟට මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් පෙන්නලා දෙන ලොකුම උදාහරණය තියෙන්නෙ Avengers: Age of Ultron සිනමාපටයේ අවසාන සටන අතරතුර අල්ට්‍රෝන්ගෙ වැරැදීමකින් මියගිය තමන්ගෙ සහෝදරයගෙ මරණයෙන් වියරු වැටුණු Wanda, පරාජය වෙලා බිම වැටිලා ඉන්න අල්ට්‍රෝන් ළඟට ආව වෙලාවෙදියි. පරාජය වෙලා ඇද වැටිලා ඉන්න අල්ට්‍රෝන් තමන්ගෙ ළඟට කෝපයෙන් ඇවිදගෙන එන Wanda දිහා බලලා ශෝකය සහ ආදරය මුසු වුණු කටහඬකින් “Wanda… if you stay here, you’ll die.” කියලා කියනවා.

මෙතැනදි හොඳටම පේනවා පරාජය වෙලා වැටිලා ඉන්න වෙලාවෙ පවා අල්ට්‍රෝන්ට අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ ආරක්ෂාව නෙවෙයි එචදඤචව මැරෙන්න නොදී ආරක්ෂා කරන එක කියලා. මොකද ඒ වෙලාවෙ එතැන තිබුණු තත්ත්වෙ හැටියට Wanda කොයි වෙලාවෙ හරි මැරෙන්න ඉඩකඩක් තිබුණා. පෘථිවියේ ඉන්න මිනිස්සු හැමෝවම හරි විනාශ කරලා  තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගන්න මානසිකත්වයක හිටපු අල්ට්‍රෝන් Wanda ඉදිරියේ මේ විදිහට හැසිරුණේ ඇයි…? ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයො කියන විදිහට ඒකට හේතුව තමයි ආදරය. කොහොම වුණත් Wanda ඒ වෙලාවෙ බිම වැටිලා ඉන්න අල්ට්‍රෝන්ගෙ හදවත ගලවලා විනාශ කරලා දානවා.

මේ සිදුවීමයි Wanda සහ අල්ට්‍රෝන් අතර සිද්ධවුණු හැමදෙයක්මයි දිහා බැලුවම මේ ෆෑන් තියරිය ලේසියෙන්ම අහක දාන්න බැරි බව ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. සමහරවිට අල්ට්‍රෝන්ගෙ යකඩ හදවතෙත් Wanda ගැන රහසේම ආදරයක් තිබුණා වෙන්නත් බැරි නෑ.

තරිදු ලක්ෂාන්