පාරම්පරික වෙද විස්කමෙන් ඕනෑම ආතරයිටිස් රෝගයක් සුව කරන්නෙ මෙහෙමයි

0
10

අද බොහෝ දෙනා ආතරයිටිස් රෝගයෙන් මහත් සේ දුකට පත්ව, වේදනා විඳිමින් සිටින බව ප්‍රකට කරුණක්. වේදනාවත් ඉන් ඇතිවන අපහසුතාවත් නිසා ඕනෑම බෙහෙතක් අරන් සුව වෙනව නම් ඊටත් නැඹුරු වෙන තරම් ප්‍රශ්නයක්. නමුත් අද බොහෝ දෙනාට නිවැරැදි ඔසු ප්‍රතිකාර ලැබෙන්නේ නෑ. විශේෂයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට තාවකාලිකව සහනය දෙන නිසාත්, ප්‍රතිකාර කෘත්‍රිම වන නිසාත් ඉනුත් ඵලක් නැතිව දුක් විඳින්නන් අපමණය.

“ඇත්තටම ආතරයිටිස් රෝගය සුව කළ හැකිද?

ඒ කොහොමද” යන්න ඔබ නිතර විමසන්නක්. අපට හමුවුණු පුරාණ වෙද පරපුරක අප්‍රමාණ දැනුම ලබා ගත් අත් ගුණය ඇති පළපුරුදු වෛද්‍යවරයකු වූ ජයන්ත බණ්ඩාර වෛද්‍යාචාර්යතුමා මෙය පහසුවෙන් සුව කළ හැකි බවත්, එසේ දහස් ගණනක් සුවකොට ඇති බවටත් වූ තොරතුරු මත ඔහු හා සම්මුඛ වුණා.

“අප පුරාණ වෛද්‍ය ශාස්ත්‍රීය දැනුමින්, ඒවා වඩාත් හොඳින් පරික්ෂා කරලා අත්දැකීමෙන් ලෙඩුන් දස දහස් ගණනක් සුවපත් කරලා තියෙන නිසා නිශ්චිතව කිව හැකියි ඕනෑම ආතරයිටිස් රෝගියකු වෙත්නම් ඒ අය ඉතා කෙටි කාලයකින් සුවපත් කරන්න පුළුවන් කියලා. අපේ වෙදකම පටන් ගත්තේ මහනුවර අංකුඹුර, රාමකොටුව කියන පුරාණ ඓතිහාසික ගම්මානයෙන්. දේශීය වෙද පරපුරක දැනුමත්, ප්‍රායෝගික ඉන්දියානු කේරළ ප්‍රතිකාර විධිත් අනුවයි අප ප්‍රතිකාර කරන්නෙ. ඒ වගේ ඉතාමත් හොඳම දේ එකතු කරගෙන අප විශාල පිරිසක් මේ වනවිටත් සුවකර තිබෙනවා. ආතරයිටිස් කිව්වට අපේ වෛද්‍ය ක්‍රමය අනුව මේ රෝගයට තියෙන්නේ “සන්ධිවාත රෝගය” කියලයි.

මෙම රෝගයේ ස්වභාවය ගැන කියා දෙන්නට වෛද්‍යාචාර්යතුමන් පෙලඹුණේ මෙහෙමයි.

“සන්ධිවාත හෙවත් ආතරයිටිස් කියන්නෙම මිනිස් ශරීරයේ සන්ධිවලට වාතය එකතුවීම තුළින් හටගන්නා රෝගී තත්ත්වයක්. ඒක හැදුනම ඕනෑම කෙනකුට තමන්ගෙ වැඩ කටයුතු වෙනදා වගේ කරගෙන යන්න බැරි වෙනවා. ශාරීරිකව මහත් වේදනා ඇති කරනවා. සන්ධි තුළට වාතය ඇතුළුවීම නිසා ඇටමිදුළු  වියළෙන්න පටන් ගන්නවා. ඇඟිලි පුරුක්, වැළමිට, දණහිස, වළලු කර යනාදියෙහි සන්ධිවාතය හිරවීම තුළ ඉදිමෙන්න පටන් ගන්නවා. ඉන්පසු එම ස්ථාන ඇද ගැහෙන්නත් ගන්නවා. ඒ සමඟම ශරීරයට දැනෙන අධික වූ වෙහෙස ආහාර අරුචිය, ඇඟපත වේදනාව, පිපාසය, අලස ගතිය ඇතිවෙනවා. ඒ තමයි බෙහෝදුරට රෝග ලක්ෂණ වෙන්නෙ. නිසි විදිහට ආහාර දිරවන්නෙ නැති වීම ප්‍රධානයි. මල මුත්‍රාද හරි ආකාරයට පිටවෙන්නෙ නැතිනම් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා ඔබත් මේ කියන රෝග ලක්ෂණ ඇත්නම් ඒ ගැන වඩාත් හොඳින් සිතා බලන්නට ඕනෑ.”

මෙවැනි රෝගයක් වැලඳුණු රෝගියකුට ප්‍රතිකාර කරනවා නම් ඒ අය සුවපත් කරන්න කොයි තරම් කාලයක් ගත වෙනවාද යන්නත් අප විමසුවා. ඊට දුන් පිළිතුර මෙහෙමයි.

“අපේ පුරාණ නිල ශාස්ත්‍රයට අනුව රෝගියා පරික්ෂා කර බැලුවාම ටක්කෙටම කිව හැකියි රෝග තත්ත්වය මොකක්ද එය සනීප කළ හැක්කේ කොහොමද කොයි තරම් කාලයකින්ද යන වග. අපේ පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයෙන් අපට දායාද කොට දුන් මේ වෙදකමට අනුව එය නිවැරැදිව කිව හැකියි. ඇඟිලි තුඩු ශරීරයේ නිල ස්ථානවලට තැබුවාම ශරීරයේ සියලුම රෝග හටගත් හේතු දැනෙනවා. පුදුමයි නේද? ඒ තමයි අත්දැකීම, දැනුම. අපේ වෛද්‍ය ශාස්ත්‍රය බැබළෙන්නෙත් ඒකයි. බොහෝ දුරට ලෙඩෙක් මාස දෙකකින් පූර්ණ සුවයට පත් කළ හැකියි. සමහරු අත් පා ඇද ගැහිලා අප වෙත රැගෙන එන්නේ වාහනයක මෙට්ටයක් තියලා. දිගා කරවලා ඔසවාගෙනයි ළඟට ගේන්නෙත්. අප ලෙඩා පරික්‍ෂා කර බලලා ප්‍රතිකාර, සත්කාර සම්බාහනයත් කරනවා. ගෙදරදී කර ගන්න දේත් කියා දෙනවා. හැබැයි ඒවා හරියටම කරන්න ඕනෑ.

එහෙම වුණාම තමයි බෙහෙත් ඇඟට අල්ලන්නෙ. අක්‍රිය තැන් පණ ගැහෙන්නෙ. ඒකට බොරු කරලා බැහැ. දිනපතා හොඳින් ජලය පානය කරනවා නම්, ඉදුණු කෙසෙල්, ගස්ලබු, කෙඳි සහිත වගේ ආහාර ගන්නවා නම් හොඳයි. උෂ්ණාධික ආහාර නොගෙන ඉන්න බලන්න. එය ලෙඩේ ඉක්මන් සුවයකට හේතු වෙනවා. සිරුරේ අනවශ්‍ය බර අඩු වෙද්දී සැහැල්ලුයි. බණ්ඩක්කා වගේ ආහාර ධාන්‍ය වර්ග ඉතා හොඳයි.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන ඔබේ පහසුව තකා පහත දැක්වෙනවා.

(අඟහරුවාදා- අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර සිකුරාදා – මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න)

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849