දන්න නොදන්න Auto transmision

0
72

ඉස්සර අපේ රටේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහන ගැන ගොඩනැඟිලා තිබුණේ ටිකක් නරක මතවාදයක්. ඒක තමයි. ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහන අපේ රටට  ගැළපෙන්නෙ නෑ කියන එක. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් අලුත්වැඩියා කරන්න ටෙක්නීෂියන්ලා සුලබව හිටියට ඔටෝ ට්‍රාන්ස්මිෂන් අලුත්වැඩියා කරන්න හිටියේ අතළොස්සක්. ඒ වගේම ඒවට අවශ්‍ය අමතර කොටස් නැති එකත් සෑහෙන බලපාපු හේතුවක්. ඒ නිසා ඒ කාලේ හුඟක් ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහන ඒ වර්ගයේම මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකකට කන්වර්ට් කරපු එක තමයි කළේ.

හැබැයි කාලයත් එක්ක මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහන ලංකාවේ ජනප්‍රිය වුණා. ඒක කොච්චරද කියනවා නම් මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහන ඔටෝ ට්‍රාන්ස්මිෂන්වලට කන්වර්ට් කරන තැනට පත්වුණා.

ඔටෝ ට්‍රාන්ස්මිෂන් අලුත්වැඩියා කරන තැන් සෑහෙන අලුතින් පටන් ගත්තා. අලුත්වැඩියාවට අවශ්‍ය රෙපෙයාර් කිට්, ස්පෙයා පාර්ට්ස් මාකට් එකට එන්න පටන් ගත්තා. ඒ නිසා මේ වෙනකොට ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහනයක සෙකන්ඩ් හෑන්ඩ් මාකට්, ඒ වර්ගයේම මැනුවල් ට්‍රාන්ස්මිෂන් රථයකට වඩා වැඩියි.

ඔටෝ ට්‍රාන්ස්මිෂන්වල එන ‍ෙදා්ෂ සෑහෙන ප්‍රමාණයක් එන්නේ නිවැරදි රියැදුරු රටා අනුගමනය කරන්නෙ නැති නිසා.

ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහනයක තියෙන්නේ පැඩ්ල් දෙකක් විතරයි. අපිට වම් කකුල නිදහසේ තියාගෙන යන්න වෙනම ෆුට් රෙස්ට් එකක් තියෙනවා. වම් පැත්තේ ඒ කියන්නේ මැනුවල් ට්‍රාන්ස්මින් වාහනයක ක්ලච් පැඩ්ල් එක තිබ්බ තැන ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහනයක තියෙන්නේ ෆුට් රෙස්ට් එකක්. හැබැයි බොහොමයක් අය ඔටෝ වාහන ඩ්‍රයිව් කරන්න කකුල් දෙකම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඩ්‍රයිව් කරන කොට වම් කකුල බේ්‍රක් පෙඩ්ල් එකේ තියාගෙන දකුණු කකුල ඇක්ස්ලේටර් පෙඩ්ල් එකේ තියාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. මේක ඉතාමත් අනතුරුදායකයි.

මොකද හදිසි අවස්ථාවක බේ්‍රක් පෙඩ්ල් එක වෙනුවට ඇක්ස්ලේටර් එක පෑගෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. ඒ වගේම මෙහෙම ඩ්‍රයිව් කරන එක ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකක ක්ලච් එක විධියට ක්‍රියා කරන ලටෝක් කන්වර්ටර් කියන පාර්ට් එකේ ආයු කාලය අඩු වීමටත් සෘජුවම හේතුවක් වෙනවා. ඒ නිසා අපි ඩ්‍රයිව් කරන්න යූස් කරන්න ඕනෙ දකුණු කකුල විතරයි. ඒක සෑහෙන ආරක්‍ෂිතයි. මොකද බේ්‍රක් එකට කකුල පාවිච්චි කරන කොට සම්පූර්ණයෙන්ම කකුල ඇක්ස්ලේටර් පෙඩ්ල් එකෙන් අයින් වෙනවා.

ඒ නිසා ඒ විධියට ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න.

ඒ වගේම ගියර් තෝරා ගැනීම තියෙන්නේ P R N D 2 1 හෝ L විධියට.

P කියන්නේ පාර්කින්ග් අවස්ථාව. ඒ කියන්නේ අපිට වාහනය පාර්ක් කරන්න අවශ්‍ය නම් අපි ර්ථී දෙසට ලිවර් එක තල්ලු කළාම වාහනය පාර්කින්ග් පොසිෂන් එකට ගන්න පුළුවන්.

R කියන්නේ රිවස් ගියර් එක. R කියන තැනට ලිවර් එක ශිෆ්ට් කළාම රිවස් ගියර් එක ගන්න පුළුවන්.

අපි D 3 හෝ D කියන තැනට ලිවර් එක ශිෆ්ට් කළහම වාහනේ අඩු ගියර්වල ධාවනය කරන්න පුළුවන්. එතකොට ධාවනය වෙන්නෙ අඩු ගියරයක විතරයි. 

ඒ වගේම ඔටෝ ට්‍රාන්ස්මිෂන් සෑහෙන දියුණු වෙන්න පටන් ගත්තා බොහොම ඉක්මනට. සාම්ප්‍රදායික ඔටෝ ගියර් පෙට්ටිවලට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය එකතු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඔටෝ ට්‍රාන්ස්මිෂන් භාවිතයේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු ටිකක් ගැන අපි ලබන සතියෙ කතා කරමු.

මාධව රූබසිංහ