ගොවිතැන සරු කර ගන්න “කරණ” යොදා ගන්නේ මෙහෙමයි

0
124

විශ්වයේ පවතින රසායනික ශක්තීන් අප්‍රමාණය අනන්තය. එකී ශක්තීන් කලට වේලාවට නිසිලෙස තෝරා බේරා ගොවිකම් කරන්නට ශ්‍රී ලංකාවේ පාරම්පරික ගොවියා කදිම  රුසියෙකි. සොබාදහමේ හැසිරීමත් පාරිසරික සංවේදීතාවත් මැනවින් දන්නා ඔහු කල්යල් බලාම ගොවිතැන් කළේ ඒ නිසාවෙනි. සොබාදහම විසින් පරිසරය වෙත එල්ල කරනු ලබන සුබාසුබ තත්ත්වය කරණය විසින් අපට දැන කියා ගැනීමට පුළුවන.

සුර්යයාගෙන් ආලෝකය ලබා ගන්නා ස¾දු තිථියෙන් තිථියට තම කෝණය වෙනස් කරමින් පෘථිවියට බලපෑම් එල්ල කරනු ලබයි. ඒ අනුව එක් තිථියක් තුළට පරස්පර ශක්තීන්ගෙන් යුත් කරණ දෙකක් ඇතුළත් වේ.  ගොවිතැන් කටයුතු සඳහාම යෝග්‍යය කරණ විශේෂයක් අපේ ජන සම්ප්‍රදායේ එයි. වනාත් කෙටීම, පළමු බිම් සැකසුම, වැට පිරීම, අස්වනු නෙළීම සහ අස්වනු ගබඩා කිරීම යන කාර්යයන් සඳහා කරණ බැලීම ඉතා වැදගත් වේ. මේ පිළිබඳව අපේ ගොවියාගේ මුව’ග රැ¾දුණු ජන කවි යුගලක් පහළ  උෟවේ නැකැත් අත්පොත මෙසේ දක්වයි.

එක සිංහ දෙක උෟරූ තියවක ගජ කරණ  ජලවක කුකුළු පස දිවි සය එළු කරණ         

සත ගව අට සිංහ නව සූකර කරණ               

දසවක ගජ කරණ කිය මෙලෙස දැනගෙන         

එකළොස් කුකුළු කරණය කියන්නේ

‍ෙදාළොස් දිවි තෙළෙස එළු කරණයි දන්නේ

තුදුසු ගජ පසළොස සිංහ වන්නේ

පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

පුර පක්ෂයට සහ අව පක්ෂයට කරණ ලබන ගෙවෙන සැටි ඔබට පංචාංග ලිතකින් බලා ගැනීමට පුළුවන.

ඒ ඒ කරණ විසින් ගොවිතැනට ලබාදෙන ඵලවිපාක

බිනර මහේ සුබ කරණ උදාව

පාරම්පරික ගොවියාගේ දැනුම විද්‍යාත්මකව සොයා බැලීමට දැන් කාලය එළැඹ ඇත. වස විසෙන් තොර පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් උදෙසා මෙකී ක්‍රමවේදයන් ඔබත් ප්‍රායෝගිකව අත්හදා බැලීම කාලෝචිතය. වර්තමානයේදී අප එතරම් නොසැළකුවද තැබුවත් අනාගතයේ යම් දිනක ශ්‍රී ලංකාවේ පාරම්පරික ගොවියාගේ කෘෂිකාර්මික දැනුම ලෝක දැනුම් පද්ධතියට එකතුවනු නොවනුමානය.

 සොබාදහම් විද්‍යා ගවේෂක, දර්ශනපති

උපුල් ‍ෙදාඹේපොල,

බළන්ගොඩ

0719497975