කුරුඳු සහ කිරි යොදාගෙන දියවැඩියාව ඉක්මනින් පාලනය කරන හැටි

0
10

අද දියවැඩියාව නැති කෙනෙක් නැති තරම්. ඒ තරමටම දියවැඩියාවෙන් පෙළෙන අය වැඩියි. බටහිර වෛද්‍ය ශාස්ත්‍රයට අනුව නම් මීට ස්ථීර ප්‍රතිකාර හෝ නිට්ටාවට සුවවෙන කතාවක් නෑ. එහෙත් ඉපැරැණි හෙළ ඔසුවලින් පාරම්පරික වෙදකමේදී පුරාණයේ පටන් මෙය නිසිලෙසට සුවපත් කරගන්නා ඔෟෂධීය වට්ටෝරු බොහොමයි.

එයින් කුරුඳු සහ කිරිවලට ඇත්තේ සුවිශේෂ බලගතු ගුණයක්. ඔබ කට වැඩ නැතිව දියවැඩියාව තිබුණත් ඕනෑම දෙයක් කෑවේ දියවැඩියාව තව තවත් වැඩි කර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගෙ පණ්ඩිතකම් නිසා කිසිම පාලනයක් නැතිව ඔහේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. කාර්යබහුල නිසා නියමිත වෙලාවට බටහිර ඔසු පවා නොගන්න තැනට වැටුණු කෙනෙක් වෙන්නත් පුළුවන්.

මේ සියල්ලටම ගැළපෙන පාරම්පරික සිංහල බෙහෙත් වට්ටෝරුවක් තිබෙනවා. එය ඔබට පහසුවෙන් කළ හැකි දෙයක්. ඔබ හොඳින් දන්නා කුරුඳුවල ලංකාවේදී මිලට ගත හැකි ඉතා හොඳ වර්ගයක් තමයි ඒඹ්ඕඒ කියන කුරුඳු විශේෂය. මේවා අවශ්‍ය ප්‍රමාණයක් මිලදී ගෙන ඉතා හොඳින් කුඩුවන තරමට සියුම් ලෙස කුඩුකර ගන්න. එය පිරිසුදු භාජනයක බහා තබාගෙන එයින් ග්‍රෑම් 10ක් ඉක්ම වන්නේ නැති ප්‍රමාණයක් කිරි වීදුරුවකට මිශ්‍රකරගෙන දිනපතාම උදේට පානය කරන්න. මෙය එකදිගට නොකඩවා පානය කරලා රුධිර පරීක්ෂාවක් කරගෙන බලන්න ඔබට වෙනසක් දැනේවි.

ඇල්බා කුරුඳු තමයි ලොව හොඳම කුරුඳු වර්ගයක් හැටියට ගැනෙන්නේ. නමුත් ප්‍රමාණය ඉක්මවා පරිහරණය කිරීම භයානකයි. ඒ අක්මාව හා වකුගඩුවලට හානිවන නිසයි. ඔබට ප්‍රමාණය ගැන වැටහීමක් නැතිනම් යෝගට් හැන්දක් පමණ ගත්තා නම් එයත් ප්‍රමාණවත්. මෙය හරිහැටි ප්‍රතිඵලදායක බව පාරම්පරික වෙදකමේ කියැවෙන්නේ මෙයත් සමඟ පිටි රහිත ආහාර හා සීනි වැඩිවන ආහාර නොගෙන ආහාර පාලනයකින් යුතුව කටයුතු කළොත් පමණයි.

සුශ්‍රැත්‍ර සහිතාව ඇසුරෙනි

විජිත කේ. පතිරණ