එළිසබෙත් රැජිනගේ අභාවය සහ ශ්‍රී  ලංකාව

0
94

දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය මහා බි්‍රතාන්‍යය, පොදු රාජ්‍ය මණ්ඩලය, පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් සංවේදී සිදුවීමක් විය. බි්‍රතාන්‍ය බලපෑම හීන වී යන වේගයෙන් වෙනස් වන ලෝකයක කිරීටයේ භූමිකාව ප්‍රශ්න කිරීමට ලක් වන තත්ත්වයන් තුළ බි්‍රතාන්‍ය මහරැජින බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් තැනැත්තියක් වූවාය. අර්බුදකාරී තත්ත්වයන් තුළ බි්‍රතාන්‍ය කිරීටයේ ප්‍රෞඪත්වය පවත්වාගැනීම සඳහා ඇය සමත් වීමත් එහිදී දැක්වූ කුසලතාවත් සුවිශේෂ වන්නේය.

එළිසබෙත් රාජිනිය දැක්වූ රාජතාන්ත්‍රික සන්සුන් භාවය දේශපාලනයේ සීමාවන් අතික්‍රමණය කරමින් ලෝවැස්සන්ගේ ගෞරවය දිනා ගැනීමට ඇයට ‍ෙදාරගුළු හැර දුන්නාය. එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින් පිං, මෙන්ම රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ද මහ රැජිනගේ  අභාවය වෙනුවෙන් ශෝකය පළ කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව සටහන් වන්නේ බි්‍රතාන්‍ය පාලනය ස්වකැමැත්තෙන් කැඳවාගත් රාජ්‍යයක් ලෙසය.

60 දශකය මුල මෙරට පාසල් දරුවන් භාවිත කළ පාඩම් පොත වූ මුනිදාස කුමාරතුංග සංස්කරණය කළ “ශික්ෂා මාර්ගයේ” ඔපවත් සුදු කඩදාසියක මුද්‍රණය කළ එළිසබෙත් රැජිනගේ ඡායාරූපයක් තිබිණි. රැජින පිළිබඳ වූ පාඩමෙහි කුමාරතුංගයන් මෙසේ සඳහන් කර තිබිණ.

“මේ සිටින්නේ එළිසබෙත් රැජිනයි. ඇය අපේ රටේ රාජිනිය මෙන්ම හිරු නොබසින අධිරාජ්‍යයේ  මහරැජිනද වන්නීය. අපේ මුතුන් මිත්තන් විසින් මේ රට සියවසකට පෙර ගිවිසුමක් අස්සන් කර එංගලන්තයට භාර දෙන ලදී. එබැවින් අපිදු හිරු නොබසින අධිරාජ්‍යයේ වැසියන් වන්නෙමු.”

මුනිදාස කුමාරතුංග  ප¾ඩිවරයා සඳහන් කළ පරිද්දෙන්ම අපේ රට බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූයේ අපේ රටේ රදල නායකයන්ගේ කැමැත්තෙනි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කැරලි ගසා රුධිරය හලන්නට අපට සිදුවූයේ අපේම වැරැද්දෙනි. එයට අපේ ජනවහරේ තිබෙන හොඳම ආප්තෝපදේශය “කැලේ සිටින නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කීමය.”

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අපේ රට අවුරුදු 133ක් පාලනය කළේය. 1952 සිට 1972 දක්වා මේ දිවයිනේ රාජ්‍ය නායිකාව වූයේ එළිසබෙත් මහ රැජිනයි.

රාජාණ්ඩුවක්  පැවැති අපේ රටේ වැඩවසම් සමාජ සම්ප්‍රදාය මත ධනපති ක්‍රමය උත්තරාරෝප්‍යනය කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. එතෙක් අපි ආරක්ෂා කොට පවත්වාගත් පෙරදිග සංස්කෘතියේ සුවිශේෂී සම්ප්‍රදායයන්ට බි්‍රතාන්‍ය පාලනය තුළ වියැකී ගියේය. එය එසේ වුවද හිරු නොබසින අධිරාජ්‍යයට යටත් රාජ්‍යයක් වීම නිසා නූතන ලෝකයට ‍ෙදාර කවුළු හරින්නට අපට හැකි වූ බව සැඟවිය නොහැකි සත්‍යයකි.

අපේ රටේ අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය සේවාව, ප්‍රවාහන පද්ධතිය, නීති පද්ධතිය පමණක් නොව සර්වජන ඡන්ද බලය මත පදනම් වූ පාර්ලිමේන්තු ක්‍රමයද බි්‍රතාන්‍ය පාලනයෙන් අප ලැබූ දායාදයන්ය. ඒ සියල්ල නිර්මාණය වූයේ. ජෝර්ජ් රජුගේ සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලපරිච්ඡේදයේය.

මහා බි්‍රතාන්‍යය 1947දී අපට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කරන ලදී. එතැන් සිට ශ්‍රී ලංකාවේ පාලනය භාර ගන්නා ලද්දේ දේශීය ප්‍රභූ පෙළැන්තිය විසිනි. ඉංග්‍රීසින් රටින් බැහැරව යද්දී ඔවුන් මේ භූමිය මත ඉදි කළ කිසිවක් ආපසු ගෙන ගියේ නැත. රාජ්‍ය පාලනය භාරගත් මෙරට නායකයන්ට පැවරී තිබුණේ එතැන් සිට ඉදිරියට රට ප්‍රගතිය කරා මෙහෙයවීමය.

බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව ණය නැති රාජ්‍යයකි. පුරවැසියන්ගේ ජීවන තත්ත්වය රැකී තිබුණු අතර ලෝකයට අතනොපා ජීවත් වන්නට හැකි රටක පුරවැසියන් ලෙස ආඩම්බරයක් අපට තිබිණි. ඊනියා නිදහස යනුවෙන් පට්ට ගැසූ නිදහස යටතේ ණය නැති ජාතියක් වූ ලංකාව අද ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතර පෙරමුණෙහි සිටී. බහුතරයක් ජනතාව පසුවන්නේ සාදුකිනි. අවසානයේ බලන විට අපට බරපතළම අනර්ථය සිදුකර ඇත්තේ අපේ නායකයන්ය. එළිසබෙත් රැජිනගේ අභාවය ගැන මෙරට පුරවැසියන් සංවේදී වන්නේ ඒ නිසාය.