කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල

0
306

කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (සැප්. 8) රාත්‍රියේ කෙසෙල්වත්ත, සාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසක් තුළට මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු නිවසේ සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේm එම නිවසේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ සිදු කරන බව ය.