බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවය: සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

0
165

බ්‍රිතාන්‍ය මහ රැජිණ, දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලු ම රාජ්‍ය ආයතනවල අද (සැප්. 9) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.

1952 වසරේ සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජිණ ලෙස ද පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානී ලෙස ද කටයුතු කළ දෙවන එලිසබෙත් මහ රැජිණගේ ඊයේ (සැප්. 8) අභාවප්‍රාප්ත වූවා ය.

මිය යන විට 96 වන වියේ පසු වූ ඇය එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කරමින් වසර 70ක පාලන කාලයකට උරුමකම් කීවා ය.