මත්පැන් පානය කර පැමිණ මවට පහර දුන් පියෙක් පුතුගේ පිහි පහරින් මරුට

0
167

මත්පැන් පානය කර තම මව සමග ආරවුලක් ඇති කර ගෙන ඇයට පහර දුන් පියෙකුට ඔහුගේ පුතා විසින් පිහියකින් ඇන ඝාතනය කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඌරුබොක්ක, පරණවත්ත, හැදිඔළුව ප්‍රදේශයේ ඊයේ (සැප්. 8) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදු වී ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 39ක් වන එම ප්‍රදේශයේ ම පදිංචි යුද්ධ හමුදා සෙබළෙකි.

මරණකරු මත්පැන් පානය කර ඔහුගේ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන ඇයට පහර දී ඇති බව ත් එම අවස්ථාවේදී පුතා විසින් මරණකරුට පිහියකින් පහර දෙනු ලැබීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව ත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කළේ, මෘත ශරීරය ඌරුබොක්ක හීගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව ත් ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ වයස අවුරුදු 17ක් වූ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව ත් ය.

ඌරුබොක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.