‘English is Simple’ ව්‍යාපෘතිය තුළින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට NSB දායකත්වය

0
15

තිරසර සංවර්ධනය අරුත් ගන්වන්නේ වත්මන් පරපුරේ අවශ්‍යතා සපුරා ගනිමින් ඉදිරි පරම්පරාවන්හි අවශ්‍යතා මෙන්ම දියුණුව සපුරා ගත හැකි වන පරිදි සම්පත් භාවිත කිරීම ලෙසයි. 2015 වසරේදී ශ්‍රී  ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192ක් සමඟ ‘තිරසර සංවර්ධනය’ සහ ඊට අදාළ ඉලක්කයන් 17ක් 2030 වසර වන විට සපුරා ගැනීමට සඳහා වූ ප්‍රඥප්තියට තම සහාය දුන්නා. ශ්‍රී  ලංකාව සිය ආර්ථික, සමාජීය සහ පාරිසරික පරාමිතීන් එකට කැටිකර ගනිමින් තිරසර සංවර්ධනය වෙත ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථයයි.

2016 වසරේ ජනවාරි මාසයේදී අප රට විසින් තිරසර ඉලක්ක ජය ගැනීම උදෙසා වන මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූ අතර ඊට නායකත්වය දීමට හා 2030 වසර වන විට එකී අරමුණු ජයගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය සහයෝගය දීමට සැලසුම් සකස් කර ඇත. මෙම තිරසර සංවර්ධන ඉලක්කයන් හෙවත් ගෝලීය අරමුණු මුළුමහත් ලෝකයටම දෙන පණිවුඩය නම් දිළිඳුකම තුරන් කිරීමටත්, අප ලෝකය රැක ගැනීමට සහ සියලු මනුෂ්‍ය ප්‍රජාවන්ට සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීමට අදම ක්‍රියාත්මක වන ලෙසයි.

(ඡ්දඨතඪඵඩ ඪඵ ඉඪථනතඥ) යනුවෙන් ද්විතීයික ඉංගී්‍රසි අධ්‍යාපනයේ ගුණාත්මය ඉහළ නැංවීම උදෙසා මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංගී්‍රසි හා විදේශීය භාෂා ශාඛාවේ මූලිකත්වයෙන් දියත් කළා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංගී්‍රසි විෂය සමත්වීමේ ප්‍රතිශතය 50%ට ජාතික පාසල්හි 8,9,10 සහ 11 ශේ‍ර්ණිවල සිසුන් මෙම වැඩසටහනෙහි ඍජු ප්‍රතිලාභීන් වේ.

රාජ්‍ය බැංකුවක් මෙන් ජාතික ආයතනයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව එදා මෙදා කැපවුණේ ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙනුයි. රාජ්‍ය ව්‍යවසායන්හි ලාභ ලැබීම පිළිබඳව විශාල කතිකාවක් දැන් සමාජයේ ඇතිව තිබෙනවා. එය ඇත්තටම හොඳ ප්‍රවණතාවක්. එනම් පොදු මහජනතාව රජයේ සහනාධාර මානසිකත්වයෙන් මිදීමට පටන් ගෙන ඇති බව මෙමඟින් පැවසෙනවා.

2021 වසරේ විවිධ වූ අභියෝග හමුවේ රු. බිලියන 28ක බදු පෙර ලාභයක් ලැබූ අප බැංකුව මෙවැනිම සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අතරින් මෙම වැඩසටහන වැදගත් වන්නේ අප එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන්්ම දියත් කළ බැවිනුයි. එනම් මෙහි ස්ථිරසාර ඉලක්කයක් තිබෙනවා. එනම් මෙමඟින් දරුවන්ගේ ඉංගී්‍රසි විෂය දැනුම වර්ධනය කිරීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී මෙම ඉංගී්‍රසි භාෂාව සඳහා ලකුණු ලබාගන්නා ප්‍රමාණය මඟිින් ව්‍යාපෘතියේ සාර්ථකත්වය මනිනු ලබනවා. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව අප බැංකු ශාඛා කළමනාකරුවන් මඟිින්ද සක්‍රිය දායකත්වය ලබාගැනීමට අප අදහස් කරනවා.

ඉංගී්‍රසි සරලයි යන වැඩසටහන අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සිවුවැනි තිරසර ඉලක්කයටයි. එනම් ගුණාත්මක අධ්‍යාපනය යන්නටයි. මෙම ව්‍යාපෘතිය තුළින් වත්මන් විෂය නිර්දේශයේ අන්තර්ගතයන් වඩාත් වැඩිදියුණු කර සිසු දරුවන් වෙත ලබා දෙනු ඇත. එක් අතකින් අප ආයතන දෙක අද ගෝලීය අරමුණක් වෙනුවෙන් එකතු වෙනවා. මෙහි ප්‍රතිලාභීන් මේ දැනුම උකහා ගෙන අප රට අද පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමටත් නැවත කිසි දිනෙක ශ්‍රී  ලංකාව මෙවැනි තත්ත්වයකට පත් නොවන ලෙස තීන්දු තීරණ ගන්නා තරුණ පරම්පරාවක් බවට පත්වීම සඳහා ගෝලීයකරණයේ යහපත් ඵලයන් නෙළා ගැනීමට හැකි වනු ඇත.

අපගේ අනාගත පරපුරේ සුබසිද්ධිය නංවනු වස් ක්‍රියාවට නැංවෙන මේ වැඩසටහන අප රටේ දරුවන් වෙත ගෙනයෑමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ගුරු දෙගුරුනට පැවැරෙන අතර එහිදී ඒ වෙනුවෙන් පෙනී සිටීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සූදානම්. ENGLISH is Simple වැඩසටහන ජනගත කිරීම 2022 සැප්තැම්බර් 7 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි හා ප්‍රධාන විධායක නිලධාරි අජිත් පීරිස් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි සහ අයකර ගැනීම් ලාල් කරුණාතිලක මහතා ඇතුළු ගුරු, විදුහල්පති මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.