D.V. චානක ඇමතිකම එපා කියයි

0
461

වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ වෙනුවට විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ය.

විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍ය කංචන විජේසේකර විසින් එම අමාත්‍යංශයට රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළ යුතු බවට මීට පෙර දැනුම් දී තිබෙන නිසා එම රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට තමා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ බව ද මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කළ බව ද අදාළ කරුණ පිළිබඳව කළ විමසීමේදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා කීය.

එම අමාත්‍ය ධූරයේ තමා අද (සැප්. 9) හෝ හෙට (සැප්. 10) දිවුරුම් දෙන බව ද ඩී.වී. චානක මන්ත්‍රීවරයා කීය.