ආසියානු කුසලාන 2022 අවසන් මහා තරගය: ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කුසලානය ලංකාවට ගෙන ඒමට සිංහයන්ට සුබ පැතුම් එක් කරන Wishing Portal එක දියත් කරයි

0
221

2022 සැප්තැම්බර් 11 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ හැකි ඩිජිටල් ‍වේදිකාවක් හඳුන්වා දීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.

වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.

https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුවෙන් ම එක් කිරීමට ඔබට හැකිවනු ඇත. මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1000 දෙනෙකුට වටිනා Cricket t-shirts ලබා දීමටද Dialog සූදානමින් සිටියි.

මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්‍රතිවාදීන් වූ පකිස්තානය ම මෙවර අවසන් සටනේත් අප ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජයගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීම ද කැපී පෙනෙයි.

සුපිරි හතර දෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉකුත්වර ශූරයන් මෙන් ම මෙවර ශූරතාව දිනාගැනීමේ වැඩි ම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිව ම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා,”යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පැවසීය.

මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන් ම අප ක්‍රීඩකයන්ට ද අත්‍යවශ්‍ය වන චිත්ත ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවන් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළ කරනාවා,”යි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය වේ.