බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවය: සැප්තැම්බර් 19 ලංකාවේ ශෝක දිනයක්

0
204

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දා ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් ජනනධිපතිවරයා විසින් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලබා දෙනු ලැබ ඇති බව ය.

ඒ අනුව, දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ලබන 19 වන දා දක්වා අඩකුඹු කර තැබෙනු ඇත.

1952 වසරේ සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජිණ ලෙස ද පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානී ලෙස ද කටයුතු කළ දෙවන එලිසබෙත් මහ රැජිණගේ ඊයේ (සැප්. 8) අභාවප්‍රාප්ත වූවා ය.

මිය යන විට 96 වන වියේ පසු වූ ඇය එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කරමින් වසර 70ක පාලන කාලයකට උරුමකම් කීවා ය.