‘සඳ බිඳුණු ගෙවිඳුහෙල’ කාව්‍ය ග්‍රන්ථය ජනගත වෙයි

0
6

චමිලා මැණික්ගමගේ ගේ සඳ බිඳුණු ගෙවිඳුහෙල කාව්‍ය ග්‍රන්ථය මෙම 10 වැනි දින ප.ව. 1.30ට Rayal Kandyan හිදී ජනගත වේ. එදින දෙසුම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මාධ්‍යවේදී ලේඛක කපිල එම්. ගමගේ, ලේඛිකා අනුරාධා සංකල්පනී තිඹිරියාගම යන අය විසින් පවත්වනු ලබති.

මෙය ඇයගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වන අතර ඉදිරියට තවත් ග්‍රන්ථ කිහිපයක්ම එළිදැක්වීමට බලාපොරොත්තු වේ. පාසල් අවධියේ සිටම කවියට පෙම්බැන්ද චමිලා සිංහල සාහිත්‍ය තරගයන්හිදී කාව්‍ය රචනා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණද ලබාගෙන ඇත. ඇය මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලයේ ආචාරිනියක්ද වන්නීය.