විදුලිය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට යෝජනා දෙන්න

0
21

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කමිටුව සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය – විපක්ෂය සහ හිටපු විදුලිබල ඇමැතිවරු ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව හිටපු විදුලිබල අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගාමිණී ලොකුගේ, අජිත් පී. පෙරේරා, ජෝන් සෙනවිරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පෙරවරු 11.30ට අදාළ කමිටුවට තම යෝජනා ඉදිරිපත් කර ඇත.

ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කණ්ඩායම මෙම කමිටුව හමුවට පස්වරු 2.00ට පැමිණි අතර පස්වරු 3.30ට විපක්ෂ මන්ත්‍රිවරුන් කමිටුවට අදහස් දැක්වීම සඳහා පැමිණ තිබේ.

කෙසේ නමුත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සහභාගි වී නොමැත.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පත්කර ඇති කමිටුවට තම යෝජනා ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පක්ෂ – විපක්ෂ සියලු මැති ඇමැතිවරුගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එසේම අමාත්‍යවරයා පෞද්ගලිකවම විපක්ෂ නායකවරයාට, ආණ්ඩු පක්ෂ කණ්ඩායමට සහ හිටපු විදුලිබල ඇමැතිවරුන්ට ලිපි මඟින් ඊයේ (08දා) මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර තිබිණි.

චාමර අමරසූරිය