රාජ්‍ය ඇමැතිවරු 37ක් දිවුරුම් දෙති

0
186

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 29 දෙනකු ඇතුළු තිස් හත් දෙනකුගෙන් යුත් මන්ත්‍රි පිරිසක් රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මන්ත්‍රිවරුද රාජ්‍ය ඇමැති පදවි ලැබූහ.

සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාර් යන මන්ත්‍රිවරු වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් වශයෙන් පත්වීම් ලබාගත්හ.

ජනාධිපතිවරයා ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදී ඇති අතර නාමල් රාජපක්ෂ වෙත තනතුරක් නොලැබීම කතාබහට ලක්ව තිබේ.

රාජ්‍ය ඇමැති තනතුරු බලාපොරොත්තුවෙන් සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසකගේ අපේක්ෂා බිඳවැටී ඇති බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා හමුවේ ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරුන් මෙසේය.

ජගත් පුෂ්පකුමාර _ විදේශ රැකියා ප්‍රවර්ධන, රංජිත් සියඹලාපිටිය _ මුදල්, ලසන්ත අලගියවන්න _ ප්‍රවාහන, දිලුම් අමුණුගම _ ආයෝජන ප්‍රවර්ධන, කනක හේරත් _ තාක්ෂණ, ජානක වක්කුඹුර _ පළාත් සභා හා පළාත් පාලන, ශෙහාන් සේමසිංහ _ මුදල්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම, තේනුක විදානගමගේ _ නාගරික සංවර්ධන හා නිවාස, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් _ ආරක්ෂක, රෝහණ දිසානායක _ ක්‍රීඩා හා යෞවන කටයුතු, අරුන්දික ප්‍රනාන්දු _ නාගරික සංවර්ධන හා නිවාස, විජිත බේරුගොඩ _ පිරිවෙන් අධ්‍යාපන, ලොහාන් රත්වත්ත _ වැවිලි කර්මාන්ත, තාරක බාලසූරිය _ විදේශ කටයුතු, ඉන්දික අනුරුද්ධ _ විදුලිබල හා බලශක්ති, සනත් නිශාන්ත _ ජලසම්පාදන, සිරිපාල ගමලත් _ මහාමාර්ග, ශාන්ත බණ්ඩාර _ ජනමාධ්‍ය, අනුරාධ ජයරත්න _ අධිකරණ හා බන්ධනාගාර කටයුතු, එස්. වියාලේන්ද්‍රන් – වෙළෙඳ, සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය, පියල් නිශාන්ත ද සිල්වා – ධීවර, ප්‍රසන්න රණවීර _ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, ඩී.වී. චානක _ වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ, ඩී.බී. හේරත් _ පශු සම්පත් සංවර්ධන, ශෂීන්ද්‍ර රාජපක්ෂ _ වාරිමාර්ග, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ – සෞඛ්‍ය, කාදර් කාදර් මස්තාන් _ ග්‍රාමීය ආර්ථික, අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු, අරවින්ද් කුමාර් _ අධ්‍යාපන, ගීතා කුමාරසිංහ _ කාන්තා හා ළමා කටයුතු, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් _ ග්‍රාමීය මාර්ග සංවර්ධන, ආචාර්ය සුරේන් රාඝවන් _ උසස් අධ්‍යාපන, ඩයනා ගමගේ – සංචාරක, චාමර සම්පත් දසනායක _ ප්‍රාථමික කර්මාන්ත, අනුප පියුම් පස්කුවල් – සමාජ සවිබලගැන්වීම්.

ජේ.ටී. ද සිල්වා