පැතුම්, කුසල් සහ තීක්‍ෂණ ශේ්‍රණිගත කිරීම්හි ඉදිරියට

0
24

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිය මඟින් සිදුකළ නවතම ජාත්‍යන්තර විස්සයි-20 ශේ‍ර්ණි ගත කිරීම් අනුව පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට පාකස්තානයේ මොහොමඩ් රිස්වාන් සමත්ව තිබේ.

ඒ අනුව මෙතෙක් විස්සයි-20 පිතිකරණ ශේ‍ර්ණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ පාකිස්තාන නායක බාබර් අසාම් දෙවැනි ස්ථායට ඇද දමමින් රිස්වාන් පළමු ස්ථානය හිමි කරගෙන තිබූ අතර, ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි-20 පිතිකරණ ශේ‍ර්ණි ගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා එක් පියවරකින් ඉදිරියට පැමිණ තිබීමද කැපීපෙනෙන සිදුවීමකි.

ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් එහි ස්ථාන 18ක් ඉදිරියට පැමිණෙමින් 42 වැනි ස්ථානයට පත්ව තිබිණි.

එසේම ශ්‍රී  ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි-20 පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් වනිඳු හසරංග ස්ථාන 3කින් පසුබැස 9 වැනි ස්ථානයට පත්ව ඇත.