නෑනා හා මස්සිනා එක්ව ලක්ෂ 15ක රන් බඩු සොරාගෙන

0
10

ගාල්ල, මකුළුව ප්‍රදේශයේ නිවෙසක් බිඳ රුපියල් පහළොස් ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් ආභරණද මුදලින් රුපියල් ලක්ෂයක්ද සොරකම් කරන ලද පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක්ද සොරකම් කරන ලද රන් ආභරණවලින් කොටසක්ද සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි  පුද්ගලයකු සහ 33 හැවිරිදි ඔහුගේ නෑනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාර කාන්තාව නිවෙසේ ‍ෙදාර අඩවන් කර අසල වෙළෙඳසලකට ගොස් පැමිණ බලනවිට ‍ෙදාර හැර කාමරයේ අල්මාරියද විවෘත කර තිබෙනු දැක පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ අල්මාරියේ තිබූ මුදල් සහ රන් ආභරණ සොරකම් කර ඇති බවය. පසුව ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවෙසේ වහලේ සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් සොයාගෙන ඇත. තවත් රන් ආභරණ කොටසක් උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්

අහංගම _ එස්. දීයගහගේ