තට්ටු බිල්ඩින් හදන මහා සමාගමක් ආදායම් බදු සත පහක්වත් ගෙවා නෑ

0
10

විදේශ රටවල පවා ව්‍යාපෘති කරන විශාල තට්ටු නිවාස ඉදිකරන බොරැල්ලේ පිහිටි  සමාගමක් අද වනතුරු සත පහක ආදායම් බද්දක් ගෙවා නැතැයි, ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අදාළ සමාගම රුපියල් මිලියන සියයක් වැනි මුදලකට නිවෙසක් විකුණන බවත්, මිලියන දාහක මුදලක ගෝල්ෆේස්හි මහල් නිවාසයක් ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.

එමෙන්ම ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක් සහ නිමි ඇ¾දුම් ජාල කිහිපයක්ද මේ වනතුරු අදායම් බදු ගෙවා නැති බව ඇමැතිවරයා සඳහන් කළේය.

“බොරැල්ලෙ තියෙන ලොකුම තට්ටු නිවාස හදන අය අද වෙනකම් සතපහක ආදායම් බද්දක් ගෙවලා නෑ. එක අපාර්ට්මන්ට් එකක් මිලියන සියයකට විකුණන්නෙ. මිලියන දාහකට ගෝල්ෆේස් එකේ අපාර්ට්මන්ට් එකක් තියෙනවා. මිලියන  600, 700, 800 ගාණට මේ යන්නේ. සත පහක් ගෙවලා නෑ. ඒවගේම තමයි  මත්පැන්හල් හිමියෝ ඉන්ධනහල්  හිමියෝ දවසට ලබන ලාභය තමයි බදු විදිහට  අවුරුද්දකටම ගෙවන්නේ” යැයිද  හෙතෙම  වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි