කරුක්කුපනය මෝයෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

0
9

ආරච්චිකට්ටුව, කරුක්කුපනය ධීවර ගම්මානයේ පදිංචි ධීවරයන් දෙදෙනකු රැකියාව සඳහා බෝට්ටුවෙන් මෝයට ඇතුළුවීමට යෑමේදී මුහුදු රළට හසුව එක් අයකු ඊයේ (08දා) අතුරුදන්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ ආරච්චිකට්ටුව, බංගදෙණිය, පෙරියකරුක්කුපනයේ ඩික්සන් ප්‍රවීන් රූත් නමැති 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම ධීවරයන් දෙදෙනා ඊයේ අලුයම සිය ධීවර රැකියාව සඳහා මුහුදු යෑමට ගොස් ඇති අතර මෝය කටෙන් මුහුදට ඇතුළුවීමට යෑමේදී බරපතළ ලෙස රළපහර ගසා තිබියදීත් මුහුදට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

ඒ අනුව වේගවත් රළපහරට හසුවූ බෝට්ටුව ඉහළට එසවෙනවාත් සමඟ අතුරුදන් වූ ධීවරයා බෝට්ටුවෙන් විසි වූ බව ඔහුත් සමඟ රැකියාවට ගිය අනෙක් ධීවරයා පොලිසියට පවසා ඇත.

අතුරුදන් වූ ධීවරයා සෙවීමට නාවික හමුදාව හා එකතුව විශේෂ කිමිඳුම් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක  පී.වී. අරුණශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් අබේසිංහ (41354) ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

වීහේණ – අනුරාධ