ඊගා, ආන්යා සහ ෆ්‍රාන්සෙස් අවසන් පූර්ව වටයට

0
43

ඇමරිකානු විවෘත ටෙනිස් තරගවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කිහිපයක් නිමාවට පත්වූ අතර, එහිදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා පෝලන්තයේ ඊගා ස්වෙටෙක් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය ස¼දහා සුදුසුකම් ලබාගත්තාය.

ඊගා ස්වේටෙක් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වනු ඇත. ඒ අනුව ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩිකා ජෙසිකා පෙග්වාලා හමුවේ තරග වට 2-0ක ජයක් වාර්තා කරමින් ස්වේටෙක් අවසන් පූර්ව වටයේ තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් වීම කැපීපෙනිණි. එහිදී ලකුණු 6-3ක් සහ 7-6ක් ලෙසින් ස්වෙටෙක් එම තරගයේ ජය වාර්තා කළාය.

මේ අතර රුසියානු-බෙලරුසියානු ක්‍රීඩිකා ආන්යා සැබලෙන්කාද මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තාය. එහිදී චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවාට එරෙහිව තරග වට 2-0ක් ලෙසින් (ලකුණු තත්ත්වය 6-1ක් සහ 7-6ක්) ජයගත් ඇය අවසන් පූර්ව වටයට පිවිසියාය.

එසේම පිරිමි අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ජයගත් මෙවර තරගාවලියේ පෙරළිකාර ක්‍රීඩකයකු වූ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රාන්සෙස් ටායිෆෝ ද අවසන් පූර්ව වටය සදහා පිවිසියේය. කෙසේ වෙතත් ෆ්‍රාන්සෙස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටය සඳහා පිවිසි පළමු අවස්ථාව ලෙසින් ද මෙය වාර්තා අතරට එක් විය.