ඉසිපතන-ශා.ජෝෂප් අවසන් තරගය ඉරිදා

0
48

ඩයලොග් පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ඉසිපතන හා මරදාන ශා. ජෝෂප් අතර පැවැත්වෙන අවසන් තරගය 11 වැනිදා පස්වරු 4.00ට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයන් බවට පත්වූ ඉසිපතන පිල අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස ශා. තෝමස් පිල පරාජය කරමින්ද, ශා.ජෝෂප් පිල කොළඹ වෙස්ලි පිල පරාජය කරමින් අවසන් මහා තරගයට තම ස්ථාන වෙන්කර ගෙන තිබිණි.

දහන් නිතින කොළඹ ඉසිපතන පිල මෙහෙයවනු ලබන අතර, ටෙරාන් කරුණානායක ශා. ජෝෂප් පිලෙහි නායකත්වය හොඹවයි. කෙසේ වෙතත් ඉසිපතන නායක දහන් නිතින ආබාධයක් හේතුවෙන් අවසන් තරග එනම් අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව තරග දෙකම ක්‍රීඩා නොකළ අතර, 11 වැනිදා පැවැත්වෙන තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක ඇතැයි පැවැසේ.

විචිත්‍ර වීරසිංහ