ඉන්දියාවෙන් ගෙනා අනවසර වියළි කහ කිලෝ 1500ක් අල්ලයි

0
9

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 1500ක් සමඟ පුද්ගලයකු පෙරේදා (07දා) පුනරීන්, වලෙයිපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය යුද හමුදා නිලධාරීහු පවසති.

පුනරීන්, වලෙයිපාඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන සැකකරුවකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් කහ තොගය රැගෙනවිත් ඇති බව අනාවරණය කොටගෙන ඇත.

සැකකරු විශාල උර 36ක අසුරා අදාළ වියළි කහ තොගය රැගෙනවිත් තිබූ අතර සැකකරු ජාවාරම්කරුවකුට ලබාදීම වෙනුවෙන් කහ තොගය රැගෙනවිත් ඇති බවද හමුදාව සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් කහ තොගය පුනරීන් පොලිසිය හරහා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී