ආණ්ඩුව පුරවැසි දඩයමේ යනවා

0
245

රටට, ලෝකෙට පේන්න විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන් දඩයම් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

තරුණයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, කලාකරුවන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බවත් මේ රාජ්‍ය‍ ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමඟ අරගල කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට ඊයේ (08දා) කොටුව පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ කීය.

දමිතා අබේරත්න කලා ශිල්පිනියට පොලිසියට එන්නැයි දන්වා තිබුණේ නව වැනිදා වුවත් දියත උයන පරිශ්‍රයේ පැවැති විරෝධතාවකට එක් වූ අවස්ථාවේ ඇය ක්ෂණිකව අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින අතර  ආණ්ඩුව කළයුත්තේ ජනතා ප්‍රශ්නවලට විස¾දුම් ලබාදීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය

කළේය.

නිර්මාණි ගුණරත්න